නියගයෙන් උතුරේ 319,551 දෙනෙකු පීඩාවේ…

August 28, 2018 at 5:30 pm | lanka C news
නියගයෙන් උතුරේ 319,551 දෙනෙකු පීඩාවේ…

උතුරු පලාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්‍රදේශයන්හි පිහිටි ආපදා කලමනාකරන ඒකකයන් කියා සිටියහ.

උතුරු පලාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රීක් භාර අපාදාකලමානාකරන ඒකකයන් පෙන්වා දෙයි.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 30,408කට අයත් පුද්ගලයෝ 110,156 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට අයත්  පවුල් 24,099කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක්,විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට අයත්  පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක්, විපතට පත්ව ඇති බවට අදාල දිස්ත්‍රීක්කයන්හි පිහිටි ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්වා දෙයි.

ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් සිඳී යාම හා වර්ෂාව නොලැබීම හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවටද ආපදා කලමනාකරන ඒකකයන්හි නිලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,299 Viewers

3 Comments to “නියගයෙන් උතුරේ 319,551 දෙනෙකු පීඩාවේ…”

  1. Love nature says:

    දේව සාපය අපේ රට ජාතියට කල විනාශයට ..

  2. maraya says:

    නැගෙනහිර වන උද්‍යාන විනාශ කිරීමේ සාපය සුළු ජාතින් කල අපරාධයක තරම …සිංහලයන් සැදු වැව් හිදිලා සුලුජාතින් අපේ රටේ උරුමය බලෙන් කොල්ලා කෑමේ විපාකය

  3. බර්නාඩ් says:

    උතුරේ නියඟයට ප්‍රධාන හේතුව කාලගුණික විපර්යාස නිසා සිදුවන දේශගුණික වෙනස්කම් මිස යම් කිසි ජාතියකට ආගමකට අයත් පුරවැසියන් ගේ පව් නොවේ. එවැනි කොමෙන්ට්ස් වලට ඉඩ දීම පවා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනියි

Main News