නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..

July 30, 2017 at 5:30 pm | lanka C news
නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..

පවතින නියං තත්වය කොතරම් බලපෑවද හ්‍රීලංකාවට කිසිදු හිගයකින් තොරව සහල් පාරභෝගික ජනතාව වෙතට ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු මස සිට රටවල් 4 කින් ගෙන එන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි සිදු කරන ලද සංචාරයන්ගෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ‘ජනාධිපති තුමාන් හා අගමැති තුමන් විසින් දුන් උපදෙස් මත තීරණය කරා සහල් ආනයනය කරන්න දැනට තායිලන්තය, ඉන්දියාව ,පකිස්තානය හා මියන්මාර් යන රටවල් වලින් සහල් ආනයනය කිරීමට පියවර අරන් තියනවා එහෙම ආනායනය කරන ලද සහල් අගොස්තු මාසයේ සිට සතොස හරහා වගේම තොග වෙළෙන්ඳන් හා සමූපකාර හරහාත් විකිණීමේ කටයුතු සිදු කරන්න පියවර අරන් තියනවා

ඒ නිසා ඉදිරියට කුමන හෝ අයුරින් සහල් හිගයක් එන්නෙ නැහැ ඉදිරි මාස හතරකට පහකට පමණ සහල් අවශ්‍ය වෙලා තියනවා ඒ නිසා අපේ අමාත්‍යංශයත් එක්ක අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේද නායකත්වයෙන් අපි කිහිප අවස්ථාවකදී රැස්වෙලා සාකච්ඡා කරා ඉදිරියේදී කිසිම හිගයකින් තොරව සහල් ආනයනය කරන්න එහිදි ඕනෑම පුද්ගලික අංශයකටත් සහල් ආනයනය කරන්න අවස්ථාව දීල තියෙන්නේ මේ වන විට සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් ගැසට් කරලා තියනවා ඒ නිසා තමයි සහල් මිල පාලනය වුනේ

ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරිය හරහා සහල් පාලන මිලට වැඩියෙන් වැඩි මිලට විකිණේමේදී වැටලීම් සිදු කෙරෙනවා මේ වටලීම් හා පාරිභෝගික ජනතාවගේ ගැටලු විසඳීමේදී නිලධාරී හිගයක් තිබුනා ඒ සඳහා නව උපාධිධාරීන් 200 ක් පමණ බඳවා ගන්න කැබිනට් අවසරයත් ලැබුනා මුදල් අමාත්‍යංශයත් ඒකට අවසර දීල තියනවා ඉදිරියෙදී ලංකාව පුරා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ සියලු දෙනා එක්ව ගම් මට්ටමින් කටයුතු සිදු කරයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

18 Comments to “නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..”

  1. සෙල්ලං සේන​ says:

    මා උපන්නේ මහා මන්දිරයක ලොකු පරම්පරාවක නොවේ.. බඩගින්න හොදට දන්නවා.. එනිසා රටින් සහල් ගෙන්වනවා..
    මේම කිව්වෙ අපේ ගොවි රජා නේද අප්පා.ඒම කියල ගෙනාපු කුඩු කන්ටේනර්වලට ෂීනි දෙම්මෙ මොකාද අප්පා.

  2. David Milli-Banda says:

    රටවල් හතකින් හාල් ගේනවා..” Commission gahanawa.

    Lajjai !!!!!!!!!!!!! Kawadada yako lankawata hal genwimata awashya wune………

  3. dedta says:

    kudu adiinna hoda pallama tama cocain hal tama genawa eka bonna Kanna yepa appa ane mehama buruwo inna ratak

  4. hitan gedara appuhami says:

    නොදකින් විතරක් මේ පරහැත්ත ආපු දවසේ ඉදලා මේ රටට හෙන ගැහුවා වගේ වෙලා. ගංවතුර, නායයෑම්, ආයුද ගබඩා පිපිරීම්,ඩෙංගු, කුණු කඳු කඩ වැටීම්, මොනවද මේ රටට සිද්ද වුනේ නැත්තේ.
    මේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන දෙවියන් සිටීනවා නම් මේවා බලාගෙන ඉන්නේ ඇයි. දෙවියනේ ඔබ කිසිවක් නොකර සිටීමෙන් දඩුවම් විදින්නේ මේ රටේ සිටින අහිංසක ජනතාවයි.දෙවියනේ මේ කාලකන්නි හැතිකරේට දඩුවම් කරන්න.මුන්ව පන්නා දමන්න.මේ සම්බුදු පහස ලැබූ මනරම් ස්වර්ණ භූමිය තවත් වසර 2500ක් බුදු සසුන පවතින්නට ආරක්ෂා කරදෙන්න.

  5. රොන් says:

    හාල් නැතත් කමක් නැ සිනි ගේන්ට

  6. Lolla says:

    අශ්රෆ්ට දුන්න වගේ මෙයාටත් දෙන්නකෝ

Main News