නියගය තවත් රළු වෙයි.. දිස්ත්‍රික්ක 13ක් දැඩි අනතුරේ…
July 21, 2017 at 5:30 pm | lanka C news
දිවයිනේ දිස්ත්‍රික්ක 13ක දැඩි නියං කාලගුණ තත්වයක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ උතුරු පළාත, උතුරු මද පළාත, නැගෙනහිර පළාත් මෙන්ම මන්නාරම, පුත්තලම, කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්වලට මෙම දැඩි නියං කාලගුණය බලපා ඇති බවයි.
මෙම නියං තත්වය තව දුරටත් ඉදිරියට පවතිනු ඇති බව කාලගුණ දත්ත සදහන් කරන බවද පෙන්වා දෙන ඔහු පානීය ජල ගැටළුව උග්‍ර වී ඇති ප්‍රදේශ සදහා ජලය බෙදා හැරීම සිදු කරමින් සිටින බවද සදහන් කරයි.