නියගය දරුණුයි.. පානීය ජල හිගය උග්ර වේ..
June 30, 2017 at 5:30 pm | lanka C news
රට පුරා දිස්ත්රික්ක කිහිපයකටම බලපා ඇති නියඟය නිසා ඉදිරි මාස කිහිපයේදී උග්ර පානීය ජල හිඟයක් ඇති වනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
මෙරට ප්රධාන ජලාශ 73ක ජල මට්ටම මේ වන විටත් 23%ක් දක්වා පහත වැටී ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුව නිසා ජලය ප්රවේශමෙන් පරිහනය කරන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.