නියගය දරුණුයි.. සියළු මහවැව් හිදී යයි..

September 18, 2016 at 3:14 pm | lanka C news
නියගය දරුණුයි.. සියළු මහවැව් හිදී යයි..

රජරට ප‍්‍රදේශයට මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් ප‍්‍රදේශයේ ඇති වැව් සියල්ලේම පාහේ ජල ධාරිතාව වේගයෙන් පහත යමින් තිබේ.

මේ වන විට මින්නේරිය 29%ක්, කවුඩුල්ල 32.6%ක්, ගිරිතලේ 38.8%ක්, පරාක‍්‍රම සමුද්‍රය 49%ක් තෙක් පහත වැටී ඇති නිසා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 25,000ක් පමණ උග‍්‍ර ජල අර්බුදයකට මුහුණ දී ඇත.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේද මහකනදරා වැව 2.6%ක්, අංගමුව වැව 28.8%ක්, මහවිලච්චිය 35.2%ක්, බසවක්කුලම 41.2%ක්, තිසාවැව 51.9%ක්, හුරුළුවැව 53%ක්, නාච්චාදුව 58.3%ක්, තුරුවිලවැව 59.2%ක්, නුවරවැව 63.7%ක් හා රාජාංගණය 71.4%ඛ් වන තෙක්ද ජල මට්ටම් සිදී ගොස් ඇත.

253 views
Main News