නියගය දිවයිනේ දරුණුම උතුරට.. විපතට පත් සංඛ්‍යාව ලක්ෂ තුනහමාර ඉක්මවයි.. වර්ෂාව නැත්නම් දැඩි අවධානමක..

September 21, 2018 at 5:30 pm | lanka C news
නියගය දිවයිනේ දරුණුම උතුරට.. විපතට පත් සංඛ්‍යාව ලක්ෂ තුනහමාර ඉක්මවයි.. වර්ෂාව නැත්නම් දැඩි අවධානමක..

උතුරු පලාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.

දිවයිනේ සියලු පලාත්වලින් නියගය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පලාත වන බවටත් ඉදිරියේදී වර්ෂාව නොලබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීග්‍රෙයන් ඉහල යාමේ දැඩි අවධානමක් පවතින බවටද පලාත් ආපදාකලමනාකරන මධ්‍යස්ථාන මගින් පෙන්වා දෙයි.

මේ අනුව උතුරු පලාතේ පිහිටි දිස්ත්‍රීක්ක පපහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රීක්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ජීවත් වන පවුල් 30425 කට අයත් පුද්ගලයින් 110183 දෙනෙකු විපතට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කට අයත් පවුල් 33185 කට අයත් පුද්ගලයින් 109794 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 කට අයත් පවුල් 29422 කට අයත් පුද්ගලයින් 102168 දෙනෙකු විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශ 6 කට අයත් පවුල් 8103 කට අයත් පුද්ගලයින් 27347 දෙනෙකු විපතට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කට අයත් පවුල් 2269 කට අයත් පුද්ගලයින් 8276 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන මධ්‍යස්ථානයන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර උතුරු පලාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුලු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතියිද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,934 Viewers

7 Comments to “නියගය දිවයිනේ දරුණුම උතුරට.. විපතට පත් සංඛ්‍යාව ලක්ෂ තුනහමාර ඉක්මවයි.. වර්ෂාව නැත්නම් දැඩි අවධානමක..”

  1. Thamil Chelvan says:

    දැන් ඉතිං උතුරේ ජනතාව වෙනුවෙන් කඳුළු හෙලන දේශපාලුවන්ට පුළුවන්නේ උතුරේ ජනතාව වෙනුවෙන් පිහිට වෙන්න ? ඔය දේශපාලුවෝ ඔය ජනතාව වෙනුවෙන්නේ රට බෙදන්න හදන්නේ ?

    • Amda says:

      අර TNA එකේ උන්ට චූ කරන්න කියන්නකො

      • sky says:

        ඊළම් දෙමල ත්‍රස්තවාදයේ TNA ත්‍රස්තවාදයේ උදව්වෙන් ..උතුරේ සිංහල බෞද්ධ සිද්ධස්ඨාන සිංහල සංස්කෘතික උරුමය විනාශකිරීමේ දේව සාපය උතුරේ සිංහල උරුමයන් කොල්ලාකෑමේ
        පාපය පානීය ජල ගැටලුව වෙනුවෙන් TNA දැන් කඳුළු හෙල පල්ලා උබලා ඉන්නේ දකුණේ ..උතුරේ කරන්නේ දේශපාලනය මුවාවෙන් මුදල් සෙවීම

  2. Sinhalaya says:

    Dewo wassathu kalena. Raja bawathu dammiko.

  3. sinha le says:

    දෙමල කොටි ජිනීවා ගිය එකේ විපාකය

    • CAT says:

      කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ඉපැරණි බෞද්ධ සංස්කෘතික උරුමයන් විනාශ කිරීමේ සාපය .. පානීය ජල ළිංද සිදී ඇත අපේ රටට කල විනාශයට දේවසාපය ලැබී ඇත …සාපයෙන් මිදීමට පලයව් තමිල් නාඩුවට

  4. කාලකන්නියා says:

    කාලකන්නි රට පාලනය කරපු කාල වල ඔහොම වෙලා තියෙනව කියල අපේ අත්ත කියනව.

Main News