නියගය නිමා කරමින් උතුරට මහ වැසි.. පාරවල් යටවේ..
September 3, 2017 at 6:48 pm | lanka C news
ලක්ෂ පහකට අධික ප්රමාණයක් නයගයෙන් හෙම්බත්ව සිටි උතුරේ වැසියන් බලාපොරොත්තුවෙන් සිටි වර්ෂාව මේ දිනවල ඇදහැලෙමින් පැවතීම නිසා උතුරේ වැසියන්ට යම් සැනසිල්ලක් උදා වී ඇත.
දින 3 ක් පමණ පැය කිහිපයක් පුරාවට ධාරාණිපාත වර්ෂාවන් උතුරට ඇදහැලෙද්දි සිඳී ගොස් තිබූ උතුරේ වැව් වලටද ජලය යම් තරමකින් එකතු වී ඇත.
අධික වර්ෂාවත් සමග උතුරේ ඇත්ම දිස්ත්රීක්ක වල මාර්ග පවා පැය කිහිපයක් ජලයෙන් යට වූ අතර වාහන ගමනාගමනයටද බාධා සිදු විය.
කෙසේ වෙතත් වර්ෂාව නොකඩවා උතුරට ඇදහැලුනහොත් පමණක් මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමට හැකි වන බවට උතුරේ ගොවීහු කියා සිටිති.
වර්ෂාව නොලැබීම හේතුවෙන් උතුරේ ගොවීන් විශාල පිරිසකට ගෙවනු කන්න කිහිපයක් ගොවිතැන් කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
If it continues to rain, the shameless Northerners will seek assistance of the Service personell as well.
සොභාහදහමට ස්තුතියි………!