නියගය නිසා කිලිනොච්චියේ පවුල් 24,099 කට අයත් 81,887ක් විපතේ…

August 24, 2018 at 5:30 pm | lanka C news
නියගය නිසා කිලිනොච්චියේ පවුල් 24,099 කට අයත් 81,887ක් විපතේ…

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන්  දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04ක පවුල් 24,099කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇති බවට කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය කියා සිටියේය.

කිලිනොච්චිය කණ්ඩාවලෙයි,  පච්චිලිපලෙයි, කරච්චි හා පූනකරී යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හතරෙහිම ජනතාවට මෙසෙ පවතින වියලි කාලගුණය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට කිලිනොච්චියේ ආපදා කලමනාකරන නිලධාරීන් කියා සිටිති.

විශේෂයෙන්ම පානීය ජල ගැටලුවකට මුහුණ පෑම හේතුවෙන් පානීය ජලය සෙවීමට කිලිනොච්චියේ වැසියන් දැඩි වෙහෙසක් ගන්නා අතරම ප්‍රදේශයන්හි පිහිටි පානීය ජල ළිංද සිඳී ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

මේ අතර කිලිනොච්චිය ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි, කල්ලාරු යන ප්‍රදේශයන්හි පිහිටි වැව් සියල්ලක්ම සිඳී යාම හේතුවෙන් සාමානය වැසියන්ගේ දෛනික කටයුතු වලට දැඩි බාධාවක් සිදුව ඇති අතරම සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇත.

මේ අතර ජනතාවට මෙන්ම ජලය නොමැති වීමෙන් ගවයින් ඇතුලු වන සතුන්ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතරම වන අලින්ද ජලය සොයා ගම්වැදීමේ අවධානමක් පවතින බවට ප්‍රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

471 views

2 Comments to “නියගය නිසා කිලිනොච්චියේ පවුල් 24,099 කට අයත් 81,887ක් විපතේ…”

  1. sinha le says:

    මේ ගම්වල පැරණි සිංහල නම් දෙමළ නම් කර වීමේ විපාකය

  2. JUDE says:

    සිංහල මව් බිමට කරන /කරපු විනාශයට දේව සාපය .ඉක්මනට ආපු තැමිල් නාඩුවට පලයව්

Main News