‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..

January 19, 2017 at 12:00 pm | lanka C news
‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..

තිරසර යුගයක තෙවසරක් ඇරැඹූම උත්සවය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයෙදී පැවති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින එය සංවිධානය කොට තිබුනි. මේ සඳහා අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන් සහභාගි වූහ. අති විශාල වියදමක් දරමින් මෙම උත්සවය සංවිධානය කොට තිබු අතර මුලු ඛෙත්තාරම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයම ආවරණය වන ලෙස ඉතා අලංකාරව කොලපාටින් වර්ණවත් කොට තිබීණි. ඒ හරහා කෘතිම හරිත යුගයක් ජනාධිපතිවරයාට මවා පෙන්වීමට මෙම උත්සවය සංවිධායකින් කටයුතු කලහ. මේ සඳහා පුද්ගලික ප්‍රචාරක වෙළෙඳ ආයතනයට රුපියල් කෝටි 05ට වඩා වැඩි මුදලක් ගෙවා ඇති අතර මෙම උත්සවය සඳහා කෝටි 10කට වඩා වැඩි මුදලක් වියදම් කොට ඇති බව අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උත්සවයට සහභාගි වු ජනාධිපතිවරයා, දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා හා විදුලිබල අමාත්‍යවරයා අලංකාරව සරසා තිබු ප්‍රධාන වේදිකාවේ සිට විදුලි බුබුළු සංදර්ශන අතර රටේ තිරසර යුගයකට පොරොන්දු වෙමින් හිද සිටි ආසන වලින් නැගිට උත්සවය ආරම්භ කලහ. එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අපේ රටේ ජනතාව සීයයට අනු නවයයි දශම නමයක්ම තමන්ද ඇතුළුව සාමාන්‍ය පවුල්වලින් පැවත එන බවත් නියඟයන් කිහිපයකට ජීවිත කාලය තුල මුහුණ දි ඇති බැවින් එම අභියෝග ජය ගැනිමට අපිට හැකි බවත්, නියඟය රටේ සංවර්ධනයට ශක්තියක් කරගත යුතු බවත් ය.

මෙතරම් විශාල මුදලක් වැයකොට රටේ ගොවි ජනතාව තම ගොවිතැන විනාශ වී දරුණු නියඟයකින් බැට කන මෙවන් අවස්ථාවක හරිත යුගයක් ලෙස කෘතිමව පෙන්වීමට ප්‍රචාරක ආයතනයේ උපදෙස් අනුව කොළඹ ප්‍රධානතම ජාත්‍යන්තර ක්‍රිකට ක්‍රිඩාංගනය තෝර ගැනිම ඈත දුර බැහරින් කොළඹට කැඳවා සිටි ගොවි ජනතාව විසින් ඉතා වෙදනාවෙන් කතාකල අතර මෙතරම් අති විශාල මුදල් වියදම් කොට මෙවෙනි උත්සව නොපවත්වා එම මුදල් මෙවැනි අවස්ථාවක් සැබැවින්ම නියඟය නිසා අසරණ වී සිටින ගොවියාට සහනාධාර ලෙස ලබාදීමට ගොවි ජනතාවගෙන් පැවත එන අනුරාධපුර දිස්ත්‍රික්ය නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍යවරයා තීන්දු කරා නම් මීට වඩා කොතරම් වටිනවා ද යන්නයි.

මෙවැනි ජාතික උත්සවයක් සඳහා කෘෂිකර්ම විෂය පලාත් සභා විෂයක් වුවත් කිසිම පලාත් සභා මහ ඇමතිවරයකු මෙයට සහභාගි නොවිමත් විජිතමුනි සොයිසා වාරිමාර්ග ඇමතිවරයා මෙන්ම මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී සිටින වී අලෙවි මණ්ඩලය අයත් ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය භාර පී හැරිසන් මහතාත් මෙම උත්සවයේ නොසිටිම උත්සවයේ කැපි පෙනුණු සිද්ධියකි.

68 views

14 Comments to “‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..”

  1. රාජ්‍ය සේවක says:

    මේ වගේ උත්සව පැවත්වීමට ලංකාවේ සෑම ප්‍රදේශයකම මහවැලි ක්‍රිඩාංගනය ඕන තරම් තිබියදි කොළඹ තිබෙන අති නාවින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයක් තොරා ගත්තේ අති විශාල මුදලක් තමන්ගේ දියණියගේ ඇඩ්වර්ටයිසින් ඒජන්සියට ලබාදීමට විය හැකිය.

  2. බයියා says:

    සර්ව පිත්තල ලෝකයේ සිට මොන තිරසාර සංවර්ධනයක් ද? ඔය වටේ තියෙන්නේ ඔක්කෝම ප්ලාස්ටික් විස්තුර්න නේ.

  3. අලෙවි says:

    ප්‍රේමදාස ගේ ලෙඩේ හැදිලා වගේ. පාට පාට ලයිට් මැද විනෝද වීම.

    • Sapu says:

      කටින් බතල කොළ හොඳ හැටි හිටවීම
      සැපෙන් පුටුව මත හිඳ සංවර්ධනය ගැන කියවීම
      තමන් මිස අනුන් හරි යැයි නොසිතීම
      උපන් බිමට කල වින එදා මෙන් හිටංට පුරුදුයි අද තාම

      නියගය නිසා දුකින් පෙලෙනා බොදු සිහලුනේ
      කුස පුරවන්න කිසිවක් නොමකරමිනේ
      උත්සව වලට මිලියන් මුදල් වැය කරමින්නේ
      ඇස් ගෙඩි දෙකම පොට්ටද ජනපතිඳුනේ

  4. Jayantha Malwatthe says:

    කොහොමද සරල ජනාධිපතිගේ කෙරුවාව.අහිංසක ගොවි ජනතාව වැලේ වැල නැතිව ඉන්න කොට කොළඹ කෝටි ගනන් වියදම් කරලා මෙහෙම පුහු වැඩ කරනවා නම්. වැරදිලාවත් විදේශීය ආයෝජකයින් ගෙන්වා ගන්න සමුළුවක් වුනා නම් ඇමරිකාවේ ලාස් වේගාස් වල තියාවි. මුන්ට පිස්සු.

  5. kamasiri Kuruwita says:

    “නියඟය සංවර්දනයට ශක්තියක් ” අම්මප අදනේ දන්නේ ඕයි. ලෝකේ කොච්චර පණ්ඩිතයෝ හිටියත් මේක කියා ගන්න බැරිවුනානේ. අපේ රැහේ එකාට තමයි එක තේරුනේ. මාර මොලේ ඈ!!!!!

    • MAHASONA says:

      මේ සඳහා පුද්ගලික ප්‍රචාරක වෙළෙඳ ආයතනයට රුපියල් කෝටි 05ට වඩා වැඩි මුදලක් ගෙවා ඇති අතර මෙම උත්සවය සඳහා කෝටි 10කට වඩා වැඩි මුදලක් වියදම් කොට ඇති බව අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි—-‘නියඟය සංවර්ධනයට ශක්තියක් වෙන්නේ කෙසේද ? මොකද් ද මේ ගොන් කතා –.අපරාදේ මහජන මුදල් ..නරකද මේ මුදල් අසරණ ගොවීන්ට බෙදා දුන්නා නම් යහපාලනයට සාප වේවා ….. හිටං රටේ ජනතාව හොදට අන්දනවා .ලෝකයේ සැම රටකින්ම ණය ගන්නවා ..රටේ ආර්ථිකය පිරිහෙලා ..රට අගාදයට යනවා … .මෝඩයෝ තාමත් හිටං විශ්වාස කරනවා ..අහෝ අපේ රටට සිදුවූ විනාශය …රටේ ජනතාව මේවා කවදා තේරුම් ගනීද ?

  6. සාරධා says:

    එහෙම කියන්න එපා බ්‍රා මුන්ට දැන් අනුරාධපුර පොලොන්නරුව ගම්වලට අඩිය තියන්න බැහ. මිනිස්සු ඉල පත අරන් එන්නේ. ඒකනේ ගමේ තියන්න ඕන උත්සව දැන් කොළඹ 5 ස්ටාර් ලෙවල් එකෙන් තියන්නේ.

  7. love nature says:

    අර්ජුන් මහෙන්ද්රන් බොර කරගෙන හොද්ද
    ජනපති වෙලත් මම ඒ ගැන නිස්සද්ද
    රිදුනොත් රනිල්ගේ සිත අති පරිසුද්ද
    හෙන ගැහුවත් රටට එය මට වැදගත්ද

  8. love nature says:

    කෑ ගැහුවත් විපක්ශය ඒකාබද්ද
    විරසක වුනොත් බටහිර කොහොමට වෙත්ද
    කලගුණ සැලකීම ඇත්තට වරදක්ද
    හෙන ගැහුවත් රටට එය මට වැදගත්ද

    ඇලුතින් ව්යවස්ථාවට කර අනුබද්ද
    උතුරට වැඩි බලය දෙමි නොකරම සද්ද
    රට දැය සමය ප්රමුඛලු,අම්මගෙ රෙද්ද
    හෙන ගැහුවත් රටට එය මට වැදගත්ද

    බුද්ධාගමට මුල් තැන දෙනවද නැද්ද
    බටහිරයන් සහ දෙමෙළු අත බව නොදනිද්ද
    මගෙ සතුටයි එකම උන් හා නිදි වැද්ද
    හෙන ගැහුවත් රටට එය මට වැදගත්ද

    රනවිරුවන් මොටද නැති විට රුපු යුද්ද
    හතරක් පහක් සිරකර මගෙ නම සුද්ද
    එමතුද දෙමළු බටහිර තව තුටු වෙද්ද
    හෙන ගැහුවත් රටට එය මට වැදගත්ද

  9. silva says:

    get lost

  10. Lolla says:

    You will definitely go to history 📚 books

Main News