‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..

January 19, 2017 at 12:00 pm | lanka C news
‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..

තිරසර යුගයක තෙවසරක් ඇරැඹූම උත්සවය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයෙදී පැවති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින එය සංවිධානය කොට තිබුනි. මේ සඳහා අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන් සහභාගි වූහ. අති විශාල වියදමක් දරමින් මෙම උත්සවය සංවිධානය කොට තිබු අතර මුලු ඛෙත්තාරම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයම ආවරණය වන ලෙස ඉතා අලංකාරව කොලපාටින් වර්ණවත් කොට තිබීණි. ඒ හරහා කෘතිම හරිත යුගයක් ජනාධිපතිවරයාට මවා පෙන්වීමට මෙම උත්සවය සංවිධායකින් කටයුතු කලහ. මේ සඳහා පුද්ගලික ප්‍රචාරක වෙළෙඳ ආයතනයට රුපියල් කෝටි 05ට වඩා වැඩි මුදලක් ගෙවා ඇති අතර මෙම උත්සවය සඳහා කෝටි 10කට වඩා වැඩි මුදලක් වියදම් කොට ඇති බව අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උත්සවයට සහභාගි වු ජනාධිපතිවරයා, දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා හා විදුලිබල අමාත්‍යවරයා අලංකාරව සරසා තිබු ප්‍රධාන වේදිකාවේ සිට විදුලි බුබුළු සංදර්ශන අතර රටේ තිරසර යුගයකට පොරොන්දු වෙමින් හිද සිටි ආසන වලින් නැගිට උත්සවය ආරම්භ කලහ. එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අපේ රටේ ජනතාව සීයයට අනු නවයයි දශම නමයක්ම තමන්ද ඇතුළුව සාමාන්‍ය පවුල්වලින් පැවත එන බවත් නියඟයන් කිහිපයකට ජීවිත කාලය තුල මුහුණ දි ඇති බැවින් එම අභියෝග ජය ගැනිමට අපිට හැකි බවත්, නියඟය රටේ සංවර්ධනයට ශක්තියක් කරගත යුතු බවත් ය.

මෙතරම් විශාල මුදලක් වැයකොට රටේ ගොවි ජනතාව තම ගොවිතැන විනාශ වී දරුණු නියඟයකින් බැට කන මෙවන් අවස්ථාවක හරිත යුගයක් ලෙස කෘතිමව පෙන්වීමට ප්‍රචාරක ආයතනයේ උපදෙස් අනුව කොළඹ ප්‍රධානතම ජාත්‍යන්තර ක්‍රිකට ක්‍රිඩාංගනය තෝර ගැනිම ඈත දුර බැහරින් කොළඹට කැඳවා සිටි ගොවි ජනතාව විසින් ඉතා වෙදනාවෙන් කතාකල අතර මෙතරම් අති විශාල මුදල් වියදම් කොට මෙවෙනි උත්සව නොපවත්වා එම මුදල් මෙවැනි අවස්ථාවක් සැබැවින්ම නියඟය නිසා අසරණ වී සිටින ගොවියාට සහනාධාර ලෙස ලබාදීමට ගොවි ජනතාවගෙන් පැවත එන අනුරාධපුර දිස්ත්‍රික්ය නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍යවරයා තීන්දු කරා නම් මීට වඩා කොතරම් වටිනවා ද යන්නයි.

මෙවැනි ජාතික උත්සවයක් සඳහා කෘෂිකර්ම විෂය පලාත් සභා විෂයක් වුවත් කිසිම පලාත් සභා මහ ඇමතිවරයකු මෙයට සහභාගි නොවිමත් විජිතමුනි සොයිසා වාරිමාර්ග ඇමතිවරයා මෙන්ම මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී සිටින වී අලෙවි මණ්ඩලය අයත් ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය භාර පී හැරිසන් මහතාත් මෙම උත්සවයේ නොසිටිම උත්සවයේ කැපි පෙනුණු සිද්ධියකි.

75 views

14 Comments to “‘නියඟය සංවර්ධනයට ශක්තියක්’ කෝටි ගණනක වියදමින් හැදු කොළඹ කෘතිම වනන්තරයේ සිට ජනපති ගොවීන්ට කියයි..”

  1. Champa says:

    අනිත් අමාත්‍යංශ ගැන මම දන්නේ නැහැ, හැබැයි කෘෂිකර්මාන්ත අමාත්‍යංශය බොරු සෝබන වලට වියදම් කරනවා. මීට කලිනුත් මේ වගේ ලොකු වියදමක් දරුවා.

    මම හිතන්නේ ජනාධිපතිතුමා රජයේ උත්සව වියදම් අවම කරන්න කියල චක්‍රලේඛයක් නිකුත් කරා නම් හොඳයි කියලා. බොහොම අඩු වියදමින් උත්සව පවත්වනවා නම් තමයි හොඳ. මොකොද මේ සැරසිලි ඊට පස්සේ කොහෙද යන්නේ? නිරපරාදේ වියදමක්. ගාන අඩු ලස්සණ fabric වුනත් පාවිච්චි කරන්න පුළුවන් background එකට. ස්වාභාවික දේවල් පුළුවන් තරම් යොදා ගන්නවා නම් හොඳයි. දැන් බලන්න කෘත්‍රීම ගස් නැතුව ඇත්තම පැල ටිකක් ගස් ටිකක් තියලා තිබුනා නම්, ඒවා බෙදල දෙන්නවත් තිබුනා. නැත්නම් කොහේ හරි ඉන්දන්නවත් තිබුනා. කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය නමේ හැටියට වැඩ කරනවා නම් නේද හොඳ?

    • ගන්ජා දුමියා says:

      කටින් බතල කොල හිටවන්ඩ වුනත් පුලුවන් අපේ අමාත්‍යාශයට.

Main News