නියත පරාජය නලලේ කොටාගෙන ශ්රීලනිප මහ ඇමති රොත්තම මහින්ද පාමුල වැද වැටේ… මහින්ද නොසැලේ…
January 22, 2017 at 9:20 am | lanka C news
සන්ධානය විසින් බලය හොබවන සියඵු පළාත් සභාවන්හි ශ්රීලනිප මහ ඇමතිවරුන් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
කෙසේ වෙතත් මීට පෙර යොදාගත් රාජකාරියකේ හේතුවෙන් මෙම හමුව සදහා උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා සහභාගී නොවන බව සදහන් කර ඇත.
ශ්රිලනිපයේ එකමතුභාවය, ඉදිරි මැතිවරණ, වත්මන් දේශපාලනය ආදී කාරණා ආදිය ගැන මෙහිදී සාකච්චා කිරීමට නියමිත අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද මෙම සාකච්චාව සදහා අවසර දුන් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා සදහන් කරයි.
මේ වසර මැදදී පළාත් සභා තුනක නිල කාලය අවසන් වන අතර සෙසු පළාත් සභාද ඉන් පසු කෙටි කලක් තුල නිල කාලයක් අවසන් වීමට නියමිතය.
පවතින තත්වය මත වත්මන් ශ්රීලනිප මහ ඇමතිවරුන් සියල්ලන්ම එම මැතිවරණයන්හිදී සිය බලය තහවුරු කර ගැනීමේ දැඩි අසීරුතාවයකට පත්ව ඇත.