නියම ප‍්‍රමිතය පේරාදෙණියෙන්.. නවක සිසුන්ගේ රෙදි ගලවා ලිංගික ඉරියවු රගපාවයි..

February 21, 2017 at 10:00 am | lanka C news
නියම ප‍්‍රමිතය පේරාදෙණියෙන්.. නවක සිසුන්ගේ රෙදි ගලවා ලිංගික ඉරියවු රගපාවයි..

විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී කලක සිට සිසුන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස්‌ දෙනා (15) මාර්තු 2 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක්‌ මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්‌ථානයට ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කීය.

නවක වදයට බඳුන් වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්‌සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.

විත්තිකරුවන් පහළොස්‌ දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක්‌ ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.

සියලු කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්‌ත්‍රාත් හා අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය සිසුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කළාය.

– දිවයින

125 views

11 Comments to “නියම ප‍්‍රමිතය පේරාදෙණියෙන්.. නවක සිසුන්ගේ රෙදි ගලවා ලිංගික ඉරියවු රගපාවයි..”

  1. wijebahu says:

    According to GMOA and IUSF we have the best universities in the world with highest standards and Privatisation will destroy those standards. now everyone cans ee the standards of government universities. I am blessed and fortunate to send my kids to overseas universities where no free educated maniacs exist like this.

  2. Dickie Bird says:

    We have the best raggers in the world in our Universities & the best yahapalanaya & a President.
    Deiyo sakki !!!!!!!!

  3. kk says:

    This is not a new thing every campus they do this for a long time they used student boarding places (chamary) for these activities , I was a victim for this in JAPURA, only few sick students do this

  4. samanmali says:

    විස්වවිද්යාලවලට නවකවද පනතක් තියෙනවා ඒකට අනුව කිසිම කෙනෙකුට ශාරීරික මානසික පීඩා කරන්න තහනම්. මේ නවක වද සිද්දි වලට මුල අන්තරය කියන ජෙප්පෝ මෙහෙයවන සන්විදානයක්. එවුන් හදන්නේ මොකක් හරි ප්ර ස්නයක් ඇති කරලා සිසුන් පාරට බස්සන්න. පේරාදෙණියේ නවකයන්ට වද දෙන තැනක් තමා නේවාසිකාගාර. විසේසයෙන්ම අක්බාර් සාලාව. විස්වවිද්යලේට සම්බන්ද නැති ජෙප්පෝ ගොඩක් අනවසරයෙන් නැවතිලා ඉන්නව එකේ මේවා මුදා නොගත් කලාප බවට පත් කරගෙන ජෙප්පෝ සිස්ය න්ගේ ඔලු ගෙඩි කුරුවල් කරනවා . පරිපාලනයට එරෙහිව සටන් කරන්නේ කොහොමද කියල පන්ති තියෙනවා සමහර දවස් වලට සිස්යු සංගම් ලවා දේශන සාලා පවා වෙන් කරගෙන කුප්පි පන්ති තියනවා කියල මෙවුන් කරන්නේ අරගලය ගැන කතා කරන එක . විනය පාලකවරුන්ට මෙම කිසිම තැනකට යන්න බැහැ ඒවා තහනම් කරන්නෙත් සිසුන් . මේ විදියට ගියොත් විශ්ව විද්යාටල පාලකයන්ට සිසුන්ට බයවෙලා විශ්ව විද්යාරලේ අරමුණු ඉටුකරගන්න බැරි වෙනවා විසේසයෙන්ම විද්යාව පිටය කලා පිටය ඉන්ගිනේරු පිටය තනිකරම ජෙප්පන්ගේ රුකඩ වෙච්ච සිසුන් අමානුෂික නවක වදය දෙමින් පාලනය කරනවා . විශ්ව විද්යාරල පාලකයන්ට මේවා පාලනය කරන්න බැරිනම් රටේ නිතිය අනුව මේවා මර්දනය කරන්න හමුදාවට පොලිසියට බර නොදෙන්නේ මොකද ? විශ්ව විද්යාකල සිසුන් යනු රටේ නිතිය අදාල නොවන පිරිසක්ද ?

  5. Kolitha says:

    Sinhala ratata kenahilikam paanneth sinhala awalam deshapalakayo…sinhala campas eke sinhala lamai apayoyagenaya karanneth sinhala ugath ballo balliyo…medical pacaltry eke thawath oya samanama thama.demala saha muslim minissu mehema karanne naha in unge podu aramuna kara kohoma hari yanawa.

  6. Lahiru says:

    IUSF para ballo .Thopi nidahas adyapanaya bukthi vindina hatida mai
    Now we propose that there should be hundred of Private universities in Sri lanka. Then only those vulgar graduates of State Universities will understand where are they.

  7. රමණි says:

    ඔය ඉංගිනේරු පිටයේ තමා නවක වදය වැඩියෙන්ම තියෙන්නේ . අන්තරේ ඉන්න ජේ වී පි හැත්ත ඔක්කොම හොර හැදුනුම්පත් හදාගෙන ගජේ ගහගෙන ඉන්නේ අක්බාර් ශාලාවේ. දේශණ ඉවර උන ගමන් පාරෙන් අනිත් පැත්තට නවකයෝ දක්කාගෙන යන්නේ පෝලිමේ . සිස්ය සංගම් වල ඉන්න ඔලුව උදුම්මවා ගත්ත ජෙප්පෝ සිසුන්ට අමනුසිකව වද දෙනවා . අක්බාර් ශාලාවට විනයරක්සක නිලදාරින්ට ඇතුල්වෙන්න අළුගෝසු ජෙප්පෝ ඉඩ දෙන්නේ නැහැ . මේක පාලනය කරන්න රටේ නිතිය අනුව පොලිසියට හමුදාවට බර දෙන්න ඕන එහෙම නොවුනොත් කිසිම දෙමාපියෙක් තමාගේ දරුවා අනාගතයේදී පේරාදෙණියට එවන්නේ නැති වෙනවා . මෙම අමන සිස්යන සංගම් තහනම් කලොත් මෙම වැරදි වැඩ නවත්තන්න පුළුවන් එකට විශ්ව විද්යාකල පරිපාලනය වගේම අචර්යවරුත් එකට වැඩ පිළිවෙලක් යොදන්න ඕන මේක ජාතික අවස්ය්තාවයක්.

  8. Vichi says:

    JVP Kalakanni says bring SAITM also up to this standard! Government is sleeping!

  9. සුමේද says:

    ඉන්ගිනේරු පිටේ නම් ජේස්ට ජෙප්පෝ නවකයන්ට හොදටම වද දීලා නිර්මාණ දැක්මකුත් තිබ්බලු දෙන්න පුළුවන් වද ටික ඔක්කොම දුන්නා. අචාර්යවරු මේ ගැන පොලිසියට වැඩේ බර දෙන්න සුදානම් කරලා සංගමේ ජෙප්පන්ට තර්ජනය කළාට පස්සේ ලෝකෙට පෙන්න පඩ ෂෝ ඉදිරිපත් කළාට දෙමවුපියෝ විදියට අපි කියන්නම් අපේ දරුවන්ට මොනවගේ වදද ජේස්ට කාලකන්නියෝ දුන්නේ කියල . තොපිට කවද හරි මේවට හෙන ගැහුවේ නැත්නම් බුදු දහම බොරු

  10. victor says:

    ඔය ඉංගිනේරු පිටයේ තමා නවක වදය වැඩියෙන්ම තියෙන්නේ . අන්තරේ ඉන්න ජේ වී පි හැත්ත ඔක්කොම හොර හැදුනුම්පත් හදාගෙන ගජේ ගහගෙන ඉන්නේ අක්බාර් ශාලාවේ. දේශණ ඉවර උන ගමන් පාරෙන් අනිත් පැත්තට නවකයෝ දක්කාගෙන යන්නේ පෝලිමේ . සිස්යා සංගම් වල ඉන්න ඔලුව උදුම්මවා ගත්ත ජෙප්පෝ සිසුන්ට අමනුසිකව වද දෙනවා . අක්බාර් ශාලාවට විනයරක්සක නිලදාරින්ට ඇතුල්වෙන්න අළුගෝසු ජෙප්පෝ ඉඩ දෙන්නේ නැහැ . මේක පාලනය කරන්න රටේ නිතිය අනුව පොලිසියට හමුදාවට බර දෙන්න ඕන එහෙම නොවුනොත් කිසිම දෙමාපියෙක් තමාගේ දරුවා අනාගතයේදී පේරාදෙණියට එවන්නේ නැති වෙනවා . මෙම අමන සිස්ය සංගම් තහනම් කලොත් මෙම වැරදි වැඩ නවත්තන්න පුළුවන් එකට විශ්ව විද්යාටල පරිපාලනය වගේම අචර්යවරුත් එකට වැඩ පිළිවෙලක් යොදන්න ඕන මේක ජාතික අවස්යවතාවයක්. රමණි
    දෙන්න පුළුවන් වද ටික ඔක්කොම දුන්නා. අචාර්යවරු මේ ගැන පොලිසියට වැඩේ බර දෙන්න සුදානම් කරලා සිස්ය සංගමේ ජෙප්පන්ට තර්ජනය කළාට පස්සේ ලෝකෙට පෙන්න පඩ ෂෝ ඉදිරිපත් කළාට දෙමවුපියෝ විදියට අපි කියන්නම් අපේ දරුවන්ට මොනවගේ වදද ජේස්ට කාලකන්නියෝ දුන්නේ කියල . තොපිට කවද හරි මේවට හෙන ගැහුවේ නැත්නම් බුදු දහම බොරු

Main News