නියම මොහොත් චීනය අත දමයි.. ඉන්දියාවේ ඩොලර් මිලියන 400 පිටවන්නත් පෙර චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලංකාවට.. විදෙස් සංචිත ගැටළුව බේරා දෙයි..

February 5, 2021 at 10:02 pm | lanka C news
නියම මොහොත් චීනය අත දමයි.. ඉන්දියාවේ ඩොලර් මිලියන 400 පිටවන්නත් පෙර චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලංකාවට.. විදෙස් සංචිත ගැටළුව බේරා දෙයි..

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය.

ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ ඉන්දියාවට ගෙවීමට රජය කටයුතු කලේය.

ඒ තත්ත්වය මත ඇති වූ විදෙස් මුදල් හිගය චීනයෙන් ඩොලර් මිලියන 1500ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත.

නැගෙනහිර පර්යන්තය 49%ක සදහා යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 700ක් පමණ වෙයි.

155,745 views
Main News