නියෝජ්‍ය ඇමති අතුරුදහන්.. දිවිනසා ගන්න ගියා කියා බිරිද පොලීසියේ පැමිණිලි කරයි..

April 16, 2017 at 10:00 am | lanka C news
නියෝජ්‍ය ඇමති අතුරුදහන්.. දිවිනසා ගන්න ගියා කියා බිරිද පොලීසියේ පැමිණිලි කරයි..

ගිය ආණ්ඩුව සමයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් සිය දිවි හානි කරගෙන ඇතැයි ඔහුගේ කොළඹ සිටින බිරිද විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

එම හිටපු නියෝජ්‍ය ඇමතිවරයා තවත් කාන්තාවක් සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ යයි ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සිය දිවි නසා ගන්නා බව කියමිනි.

දින දෙකතුනක් ඔහු නොපැමිනි නිසාත් දුරකතනය පවා විසන්ධි වී ඇති නිසාත් කොළඹ බිරිද පොලීසියේ පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් පොලසිය විසින් කර ඇති සොයා බැලීමකදී හෙලිව ඇත්තේ ඔහු සුවසේ මඩකලපුව ප‍්‍රදේශයේ සිටින බවයි.

67 views
Main News