නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටි නායකයා ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ කාටදැයි හෙලිවෙයි..

August 17, 2017 at 12:00 pm | lanka C news
නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටි නායකයා ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ කාටදැයි හෙලිවෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර කොමිසම ඉදිරියේ කරුණු අනාවරණය වෙලා සතියක් පමණ ගිය පසුවයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපි විශ්වාසභංගයක් භාර දුන්නේ. අපි විශ්වාසභංගය කථානායකවරයාට භාර දුන්නාම අර ජවිපෙ නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටියා කියනවා, ‘ඒකාබද්ධ විපක්‍ෂයේ හොරු දාන ඒවාට අපි නැහැ’ කියලා. ඒ දවස් හතේ මේ නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර කට්ටිය බම්බු ගැහුවාද රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් භාර නොදී? ඇයි රනිල් හාමු එපා කීවාද? මලික් සහෝදරයා එපා කීවාද? අද මලික් සමරවික්‍රම ඉන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ වගෙයි පෙනෙන්නේ. එතැන වෙන සියලුම දේවල් එයා දන්නවාලු. මූල්‍ය ඩීල්වලට විතරක් නොවෙයි මේ වගේ දේශපාලන ඩීල්වලටත් හොඳට ගෙවනවා. බැඳුම්කරය කියන්නේ මූල්‍ය ඩීල් එකක්. දේශපාලන ඩීල්වලදී ජවිපෙ කියනවා ‘අපි බෝලෙ දාන්නම් හොඳට බැට් කරන්න’ කියලා. රනිල් හාමු එක්ක කතා කරලා මේ අය එවන ‘පන්දු’ තියෙනවා. ඒවාටත් හොඳට ගෙවනවා. ඒ ඩීල් අහුවුණු දාට මේ රතු අලි පැටවුන්ගේ ඉතිරි වෙලා තියෙන අමුඩෙත් ගැලවෙනවා. ඒක වළක්වන්න බැහැ. මේ හොර රැළ බලයට ගෙන ඒමට දර දිය ඇදපු හැමෝම මේ පාපකර්මයේ වගඋත්තරකරුවෝයි.

2015 ජනවාරි 08 වැනිදා ජවිපෙ නායකයා ඡන්දය දුන්නේ කාටද? හංසයාටද? බුලත් කොළයටද? සීනුව නැහැනේ. සීනුව මිසින්. ඔය අයියලා ඔක්කොම කතිරය ගැහුවේ හංසයාට. දැන් හරියට දන්නේ නැහැ වගේ කතා කරනවා. එදා මහින්ද රාජපක්‍ෂව එළවන්නම ඕනෙ කියපු මේ අය හංසයා දිනවන්නම ඕනෙනේ. ඉතිං හංසයාට කතිරය නොගහම බැහැනේ. දැන් මේ අයියලාට මාත්‍රා ගණනට ආණ්ඩුව විවේචනය කරලා කරපු පාපකර්මයෙන් ගැලවෙන්න බැහැ.

මේ ආණ්ඩුව එක පැත්තකින් තක්කඩි ආණ්ඩුවක්. තවත් පැත්තකින් දේශද්‍රෝහී ආණ්ඩුවක්. විදේශීය න්‍යාය පත්‍රයකට මේ රට ගැටගහන්න හදන ආණ්ඩුවක්. මෙහෙම ආණ්ඩුවකට වැඩිකල් හුස්ම ගන්න ඉඩ තියන්න හොඳ නැහැ. ජනාධිපතිතුමාට කියන්න බැහැ ‘බැඳුම්කර හොරකම ගැන මම දන්නෙත් නැහැ. දැක්කෙත් නැහැ’ කියා. මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට මතක නැහැ. මම දන්නේ නැහැ, ‘චම්පික රණවක මේ අයව අංගොඩ රෝහලට අරන් ගිහිල්ලා කරන්ට් අල්ලනවාද?’ කියා. එහෙම නොකළා නම් මෙහෙම අමතක වෙන්න විදියක් නැහැනේ

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

79 views