නිරිත දිග වර්ෂාව නෑ.. බලාගාර ජලාශ අඩියටම හිදේ.. විදුලිය හොරෙන් කපන බවට චෝදනා.. විදුලි කප්පාදුවක් යලිත්..?

May 21, 2019 at 5:30 pm | lanka C news
නිරිත දිග වර්ෂාව නෑ.. බලාගාර ජලාශ අඩියටම හිදේ.. විදුලිය හොරෙන් කපන බවට චෝදනා.. විදුලි කප්පාදුවක් යලිත්..?

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව නොලැබීම හේතුවෙන් විදුලි උත්පාදනය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

නිරිත දිග මෝසම් වර්ෂාව ශ්‍රී ලංකාවට මේ වන විට ලැබිය යුතුව ඇතත් එය දිනෙන් දින ප්‍රමාද වීම මත ජලවිදුලි උත්පාදනය වේගයෙන් පහත වැටෙමින් තිබේ.

මේ වන විට ඇතැම් ප්‍රදේශ වල විදුලිය නොදන්වා කප්පාදු කරන බවටද චෝදනා එල්ල වෙමින් නැතත් විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි කප්පාදුවක් එසේ සිදු නොවන බවයි.

කෙසේ නමුත් තවදුරටත් වර්ෂාපතනය නොලද හොත් ඉදිරි දින කිහිපය ඇතුළත විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව ලංකා විදුලිබල මන්ඩලයේ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාවට වැඩිපුරම වර්ෂාව ලැබෙන නිරිත දිග මෝසම් වර්ෂාව මෙවර ප‍්‍රමාද වී ඇති අතර ඉදිරි සතියක දෙකක් කාලයෙන් පසු නැවතත් වියලි කාලගුණ තත්වයක් ඇති වෙයි.

ඇතැම් පරිසරවේදීන් කියා සිටින්නේ කෘතීම වැසි ඇති කිරීම හේතුවෙන් මෙරට වැසි රටාවට බලපෑම් එල්ල වී ඇති බවයි.

10,281 Viewers

2 Comments to “නිරිත දිග වර්ෂාව නෑ.. බලාගාර ජලාශ අඩියටම හිදේ.. විදුලිය හොරෙන් කපන බවට චෝදනා.. විදුලි කප්පාදුවක් යලිත්..?”

  1. බිල්ල says:

    අපේ රටේ අධිකරණ වල සාධාරණත්වය නඩු තීන්දු වලින් පෙනෙන නිසාම දෙවියන් හිතනවා මුන්ට වැස්ස ඕන නැහැ මුන්ට දෙන්න ඕන හෙණ පමණයි කියල. උදාහරණ රනිල්ගේ චෙක් නඩුව.

  2. අපේ රට says:

    මහබැංකුව හොරාකාලා පටන් ගත්ත යහපාලනේ අන්යතිම වෙනකොට ජිහාඩි බෝම්බ මතින් කලුවරේම කොරගන යන හැඩය්.

Main News