නිරිත දිග වැස්ස ඇරඹෙයි.. ඉතා තද වැසි යලිත් ඇදහැලේ..
May 22, 2018 at 12:40 pm | lanka C news
මේ දිනවල බලපා ඇති වර්ෂා තත්ත්වය ඉදිරි දිනයන්හිදී තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ වැසි තත්වය අඩු වුවද හෙට හා අනිද්දා (23-24) දෙදිනේදී නිරිත දිග වර්ෂාව රට තුල ස්තාපිත වීම නිසා වැසි තත්වය වර්ධනය වනු ඇතැයිද කාලගුණ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කරයි.
අද පස්වරුවේද බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම පළාත්වල විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයිද ඔහු කියයි.
මිලිමීටර 150 ඉක්මවා ඉතා තද වැසි සමහර ස්ථානයන්හි ඇතිවන බවද ඔහු කියා සිටී.
Hurray ,our economy will grow rapidly , now. Just stay at home.
Whole country is in a land sliding.
RAJA BAWATHU DHAMMIKO.