‘මා සහ බිරිද නිර්දෝෂීයි..’ නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්…

October 6, 2021 at 12:08 pm | lanka C news
‘මා සහ බිරිද නිර්දෝෂීයි..’ නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්…

තමන් සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් මහතා ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

ස්වාධීන විමර්ශන නිලධාරියෙකු හරහා මෙම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ඔහු ඒ සඳහා තම උපරිම සහාය ලබාදෙන බව ද සඳහන් කරයි.

මෙම චෝදනා හේතුවෙන් තමන්ට සහ තම බිරිඳ දැඩි මානසික පීඩාවකින් සිටින බවත් ඉන් මිදීම සඳහා පරීක්ෂණ වලින් තමන් නිවැරැදි බව තහවුරු කිරීමට අවශ්‍ය බවත් සඳහන්ය.

තමන් සහ තම බිරිද සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවත් කිසිදු වරදකට වරදකරු නොවන බවත් සහතික කර ප්‍රකාශ කර සිටින බවත් ඔහු එම ලිපියෙන් තව දුරටත් කියා සිටී.

50,199 views

27 Comments to “‘මා සහ බිරිද නිර්දෝෂීයි..’ නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්…”

  1. sandhya says:

    තාම එක බයියෙක් වත් කිවේ , නැ මෙයාල මොනාද අනේ , Tony Blair තේ මට්ටුවෙලා ඉන්නේ කියා

    • සජිත් ප්‍රේමදාස says:

      නිදහසට බොරු කියන්න ඕනේ නැහැ මොකද මේ ගැනී හොරකං කොරල තියෙන්නේ මගේ පියාගේ කාලෙනේ!

      • J P R says:

        කොහේද බං. එහෙම තියෙන්නේ. මම ඒක හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ නේ.

  2. නඩු සහ බඩු says:

    විමර්ශන ලොක්කව පත් කරන්නෙත් මෙයාමයි. ආන්න එහෙමයි නඩු අහන්න ඕනෑ.

    • සජිත් ප්‍රේමදාස says:

      අවුලක් නැහැ මොකද හොරකන් කොරේ මගේ පියාගේ කාලෙනේ!

  3. Chamara says:

    නෑදෑයො , නෑදැයො එහෙම නත්නම් හොරු , හොරුන්ට ලියුම් ලියාගන්නව වගෙ වැඩක්නෙ මේක.හරිම හිනා.