නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-

March 13, 2020 at 2:10 pm | lanka C news
නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-

හමුදාව යොදාගෙන සිදුකරන නිරෝධායන කටයුත්තට විරෝධය දක්වන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ සඳහන් කරයි.

හමුදාව සිවිල් ජනතා කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටිය යුතු බව ඔහු පවසයි.

ඒ නිසා මෙම තත්වයට විරුද්ධව තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තමන් විසින් පැමිණිලි කරන බව ද ඔහු සඳහන් කරයි.

මේ බව පවසමින් ඔහු විසින් පල කර ඇති සමාජ ජාලා සටහන්වලට විරුද්ධ ව දැඩි ප්‍රතිචාරයන් සමාජ ජාල පරිශීලකයන් එල්ල වී තිබේ.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිට, ආරක්ෂක අංශවලට, රජයට විරුද්ධව විවිධ ආකාරයේ වෛරී සහගත අහේතුක ප්‍රකාශයන් සමාජ ජාලා ඔස්සේ මුදාහරිමින් සිටී.

මෙම පුද්ගලයා විසින් යුද හමුදාවෙන් තොරතුරු ඉල්ලමින් අද දිනයේ යොමු කර ඇති ලිපියක් පහත සදහන් වෙයි.

තොරතුරු නිලධාරි,
ශ්‍රී ලංකා යුදහමුදාව,
යුදහමුදා මූලස්ථානය,
කොළඹ.

ගරු මහත්මයාණෙනි/මහත්මියෙනි,
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව කරනා තොරතුරු ඉල්ලීමයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නිරෝධායනය කිරීමේ දී, එසේ කරනා පුද්ගලයන්ගේ සෞඛ්‍යමය ආරක්ෂාවට පටහැනිව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා යුදහමුදාව හා රජය කටයුතු කරමින් සිටිනා බවට මා නිරීක්ෂණය කර ඇත. එසේ කිරීමෙන් උක්ත පාර්ශවයන් විසින් නිරෝධනයට ලක්වන පුද්ගලයන්ගේ ජීවිතය දැඩි අවධානමකට ලක් කර ඇති බවට මාහට නිරීක්ෂණය වේ. දේශපාලනයට හා හමුදා පාලනයට යටත් නොවනා ශ්‍රී ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන් ද සමාජ ජාලා තුල ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර ඇත.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රොබෝවරු නිෂ්පාදනය කරනා පසුබිම එය බෝවීමේ අවධානම පැහැදිලිව පෙන්වා දෙයි. තවද හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ වෙබ් අඩවියේ ඇති කරුණුවලට අනුව, කොරෝනා වෛරසය ආසාදිතවූ ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන් වන්නේ නැත.

ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) කොරෝනා රෝග පාලනයට නිකුත් කර ඇති නිර්දේශ ප්‍රකාරව කොරෝනා රෝගය සෑදී හෝ සෑදී ඇති බවට සැක කරන පුද්ගලයන් අවම වශයෙන් :-

1. එක් පුද්ගලයෙකු බැගින් වෙන වෙනම දොර වසා තැබිය හැකි කාමරවල තැබිය යුතුයි.

2. N95 වර්ගයේ respirator පැළඳ සිටිය යුතුයි.

3. N95 වර්ගයේ respirator වල තොග නොමැති නම්, ඒවා ලැබෙනා තෙක් සාමාන්‍ය facemask පැළඳ සිටිය යුතුයි.

මේ අනුව :-
අ. ශ්‍රී ලංකා යුද හමුදාවේ “කොරෝනා නිරෝධන මධ්‍යස්ථාන” කියනා මධ්‍යස්ථාන, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අනුමත කරන ලද වෛද්‍ය විද්‍යාත්මක සහතිකවල සහතික පිටපතක්,

ආ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එක ගොඩ නැගිල්ලක් තුල වෙන් නොකර තැබීමට උපදෙස් ලබා දුන් උපදෙස් පත්‍රිකාවල/ලිපිවල/නිර්දේශවල සහතික පිටපතක්,

ඇ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල සේවය කරනා නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් හා N95 respirator භාවිතා කිරීමටත්, නිරෝධනයට පැමිණෙන පුද්ගලයන්ට ඒවා කිසිවක් නොදී, විශාල ගොඩනැගිලි තුල එම පුද්ගලයන් එකට තැබීමටත් උපදෙස් දුන් පත්‍රිකාවල/ලිපිවල/නිර්දේශවල සහතික පිටපතක්,

ඈ. ශ්‍රී ලංකා යුදහමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල සිටිනා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යුදහමුදාව ගෙන ඇති පියවර මොනවා ද?

ඉ. ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) කොරෝනා රෝග පාලනයට නිකුත් කර ඇති නිර්දේශ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කර තිබේ ද?

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක – මහජන අයිතීන් සුරැකීමේ පදනම

606 views

166 Comments to “නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-”

  1. Chinthana says:

    Hayi when did you registered your foundation. ..? Are there any other directors

    .? Who are they. .? Did you get get permission from them to public your own questionnaire. .? Give your board approval. …

  2. Baita99 says:

    Garu hamudapathi timani konda pananati ballanta hisanonamanna ape wiruwo obay gotabaya mahatma ape raju

  3. Sam says:

    කාලකන්නි ජාතියේ කරුමෙට උපන් මිනිස්සු

Main News