නිරෝධායනට පිරිසක් ගෙන ගිය බස් රථ දෙකක් හැපේ.. අයෙක් මරුට.. 29ක් රෝහලේ.. 03ක් පැන යයි..

April 15, 2020 at 10:32 pm | lanka C news
නිරෝධායනට පිරිසක් ගෙන ගිය බස් රථ දෙකක් හැපේ.. අයෙක් මරුට.. 29ක් රෝහලේ.. 03ක් පැන යයි..

නිරෝධායන සඳහා පුද්ගලයන් පිරිසක් රැගෙන යමින් සිටි බස්රථ දෙකක් හා ලොරි රථයක් වරකාපොලදී එකිනෙක ගැටීම හේතුවෙන් එක් අයෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම බස් රථ දෙක සාම්පූර් බලා ගමන් ගත් අතර එළවලු ලොරිය කොළඹ දෙසට ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇත.

මරණයට පත්ව ඇත්තේ එළනලු ලොරියේ රියදුරාය.

පුද්ගලයන් සීයක පමණ පිරිසක් රැගෙන බස් රථ 03ක් සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානය කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූ පිරිසෙන් 03 දෙනෙක් හමුදා සෙබළුව් වන අතර තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළු කර තිබේ.

අනතුරින් පසුව බස්රථවලට සිටි තුන් දෙනෙක් පලාගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඉතිරි පුද්ගලයා සොයා පරීක්ෂණ සිදු කරමින් සිටී.

86,087 Viewers

8 Comments to “නිරෝධායනට පිරිසක් ගෙන ගිය බස් රථ දෙකක් හැපේ.. අයෙක් මරුට.. 29ක් රෝහලේ.. 03ක් පැන යයි..”

  1. සෙනෙවි says:

    මේ අයුරු පලායන අයට දුටු තැන වෙඩි තබා මරා දැමීමේ අවසරය දියයුතුයි

    • දෙවැට සුදා says:

      පලා යන එවුන් නෙමෙයි බස් වල driver හොයලා ඉල්ලන ඕන. පාරේ වාහන නැති නිසා මුන් හිතන්නේ මේ කාසි කබල් ලොරි වැසි බස් ඇවිත් A380 කියලා. ඉක්මන් කොටයි කිව්වට..විනයක් නැති එක කොටයි කියලා වෙනස් කරන්න ඕන.

      • 😷😷👀👀 says:

        කොරියාවේ හා චීනයේ නිරෝධායනයට දාන අයගේ දකුණු අතේ පලමු ඇඟිලි තුනේ නියපොතු පාට කරලා තමයි ඇතුල් කරන්නේ …ඒ පාට ලේසියෙන් මොනවා දාලවත් යවන්න බැහැ… හරියට අපි චන්ඳය දෙනකොට ඇඟිල්ල පාට කරනවා වගේ තීන්ත වර්ගයක් ..අඩුම වශයෙන් සති හතරක් ඉන්න ඕනි ඒ පාට ඉවත්වෙන්න… මේ නිසා ඒ රටේ කොරෝනාව පාලනය කරගන්නට පුලුවන් උනා…!

  2. MD says:

    Anaturu wena widiyata Penenne meyalage Driving wala hoda kama tamai.nidahas Parakawath vahanaya hasuruwa ganna baha.lanakawata Trafic tiyena taramata hodai.

  3. Ratnamalala says:

    නිරෝධායනයට මිනිසුන් ගෙනියන බස් වලට ඉදිරියෙන් හමුදා වාහන කීපයක් යනවා.පසුපසිනුත් යනවා ඇති. මට දැනෙන ලෙසට මේ බස්වලට A 380 වගේ උඩින් යන්න බැහැ.එළවළු ලොරියේ රියදුරාගෙන් වෙච්ච වැරදීමකින් මේ අනතුර සිද්ද වෙන්න ඇත්තේ.පලායන එවුන්ට වෙඩි තියන්න තමා ඕනේ.

  4. n.s fasions kurunegala says:

    best shoot to death

  5. JANAKA says:

    පලා යන එවුන් නෙමෙයි බස් වල driver අල්ලන්න ඕනේ. විනයක් නැති ජීවිතය කොටයි කියලා වෙනස් කරන්න ඕන. පලාගිය එවුන් බොරැල්ලේ වංචා විමර්ශනේට බාර දුන්නා නම් උන්ගේ අහවල් එක ලාච්චුවේ දාලා පැයක් විතර තියාගන්නවා. උන් ඔය වංචා වැඩ ගැන නෙමෙයි ඔය වගේ වැඩ වලට චීත්ත වැඩ වලට හරිම දක්ෂයි

  6. Ajith. says:

    යකෝ මෙච්චර ඇඳිරිනීතිය දාලා පාරවල් වල ට්‍රැෆික් නැතුව ඉඩ තියෙද්දිත් accident කරගන්නානම් මුන්ට වහනයක් එලවගන්න බැරි මෝඩ මීහරක්නේ. කවුරු වුනත් මීහරක් ගාය ඇතිව මෙවෙලාවේ පාරේ යනවනම් කන පුපුරන්න ගසා remand කර පියව්.

Main News