නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක් පෙරලෙයි.. 17 කට තුවාල.. තිදෙනෙකුට බරපතලයි… ඔවුන් ලෙබනනයේ සිට පැමිණි අයයි..

November 27, 2020 at 12:40 pm | lanka C news
නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක් පෙරලෙයි..  17 කට තුවාල.. තිදෙනෙකුට බරපතලයි… ඔවුන් ලෙබනනයේ සිට පැමිණි අයයි..

ලෙබනනයේ සිට කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගිය සුඛෝපභෝගී බස් රථයක් අද (27) උදෑසන අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

ලෙබනන්යේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 256 ක් නිරෝධායනය කිරීම සඳහා බස් රථ කිහිපයකින් අද උදෑසන විඩත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන යමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවට පොලීසිය පවසයි.

අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ වලදී හෙලි වී ඇති අතරම නින්දයාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබෙනවා.

එහිදී බස් රථය තුල සිටි 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කොට ඇති අතරම ඉන් බස් රථයේ රියදුරු ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කල බවටද පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර ජලනල පද්දතියටද හානි සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,160 views

2 Comments to “නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක් පෙරලෙයි.. 17 කට තුවාල.. තිදෙනෙකුට බරපතලයි… ඔවුන් ලෙබනනයේ සිට පැමිණි අයයි..”

  1. Indrajith says:

    රියදුරුමහතුනි ඔබලා දුරගමන් යනවානම්‍ කලින් හොඳට නිදාගෙන විවේකගෙන ගමන පිටත්වෙන්න.ගමන යන අතරතුර නිදිමත එනවානම්‍ වාහනය සුදුසු ස්තානයක නවතා විවේක ගන්න.ඔබගේත් අනිත් මගීන්ගෙත් ජීවිත අනතුරේ නොහෙලන්න.අනතුරට පත්වු සියලුදෙනාටම ඉක්මන් සුව පතමි

  2. Gamarala says:

    මැති ඇමතින්ට මැති සබයේ නින්ද යන්නේ ඇයි. ?

Main News