නිරෝධායනයට බාධා කරන ඔ්නෑම අයෙක් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. ඇප නැතිව රිමානඩ්..

March 15, 2020 at 8:02 am | lanka C news
නිරෝධායනයට බාධා කරන ඔ්නෑම අයෙක් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. ඇප නැතිව රිමානඩ්..

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව එම රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ද සලසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කල හැකි බවත් මහේස්ත්‍රාත්වරයෙකුට ඔහු ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත හැකි බවත් පොලිසිය කියා සිටී.

කොරෝනා ලෝක වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ වසංගතය නිවාරණය සදහා රජය විසින් ගෙන යන වැඩපිලිවෙලට සහාය දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිසිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

325 views

6 Comments to “නිරෝධායනයට බාධා කරන ඔ්නෑම අයෙක් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. ඇප නැතිව රිමානඩ්..”

  1. Ranga says:

    ඉතාලි කොරෝනා මිනී මරුවන් අල්ලා ඔහුන්ගේ නිරෝධායන කටයුතු සදහා ආරෝග්‍ය ශාලාවල මෝචරි යොදාගන්න.

    • Mario says:

      ඉතාලියේ සිටින කොරෝනා වැළදුන සියලුම දෙනා ඒ රටේ සැගවිලා කෙසේ හෝ ලංකාවට පැනගැනීමට මාන බලාගෙන ඉන්නේ. ඒ රටේ සිටින ලක්ශ 5කට ආසන්න පිරිසෙන් තාම සොයාගෙන ඇත්තේ එක් කාන්තාවාක් පමනයි. නමුත් මේ දක්වා ලංකාවට පැමිනි ඉතාම සුලු පිරිසෙන් දැනට 7දෙනෙක් සොයා ගෙන තිබෙනවා. මෙය කිසිසේත් විශ්වාශ ඛල හැකි දෙයක් නොවේ. ඒ රටේ වැඩ කරන මේ රටේ අමනයෝ එකෙක් ඒරටේදී මැරුනොත් මැරුනු එකාගේ පාස්පෝට් එකෙන් විශාල මුදලක් අර්ගෙන තව එකෙක් ඒ රටට ගෙන්වා ගන්නවා. ඒ වගේ තිරිසන් වැඩකරන උන් තමා ඉතාලියේ ඉන්නේ.

  2. බන්ඩා says:

    විභාග පාස් උනාට රට ගියාට බුද්ධිය පහල වෙන්නෙ නැහැ. සිංගප්පූරුව කොරියාව තාය්වානය දියුණු උනේ ඒ රට වල ඉදිරි ගමන වෙනුවෙන් නීති තදින් ක්‍රියාත්මක කල නිසය්.

  3. fass says:

    Very good, onama dekata palanayak ona. Okkotama issella athulata danna ona me ratata hena gahuwath goda yanna hadana sakkili Sajiyai JVP haththai

  4. ara soyza says:

    මෙහෙම නීති දාන්නේ පිස්සෝ .. නිරෝදායනයට අකමැති කෙනෙක්ව උසාවි දාල රිමාන්ඩ් කරපුවම එහෙ ඉන්න උන්ට නිකම්ම මේක බෝ වෙනවා කියල මුන් දන්නේ නැද්ද ? මේක මහා යකාගේ නීතියක් . කොහොමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගෙන් මේ වගේ තීන්දු ලැබෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ . කරන්න ඕන කෙනෙක් අකමැති උනත් බලෙන් හෝ නිරෝදායනය කරවීමයි . නැතුව මිනිස්සුන්ව උස්සන් ගිහින් රිමාන්ද කරන එක නෙමෙයි.

    • ඔව්, ඒක ඇත්ත.. කළ යුත්තේ බලෙන් නිරෝධායනය කිරීමයි.. වඩා හොදයි නිවාස අඩස්සියේ දැමීම..