නිරෝධායනයට විරුද්ද පුස් චණ්ඩින් පැමිණි රටටම හරවා යැවේ.. යුද හමුදාව නිල වශයෙන් දැනුම් දෙයි.. [Video]

March 11, 2020 at 10:13 pm | lanka C news
නිරෝධායනයට විරුද්ද පුස් චණ්ඩින් පැමිණි රටටම හරවා යැවේ.. යුද හමුදාව නිල වශයෙන් දැනුම් දෙයි.. [Video]

නිරෝධානය කිරීම සඳහා දැනට නිර්දේශ කර ඇති දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධානය සදහා විරුද්ධ වන්නේ නම් ඔවුන් පැමිණි රටටම ආපසු පිටත් කර හැරීමට දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අදාළ රටවල්වලින් පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධාන ක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය.

එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් රටක් ලෙස මෙයට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

නිරෝධාන කටයුතු සම්බන්ධයෙන් ජාල ඔස්සේ පළවන පුවත් ගැන අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත යටතේ එම රෙගුලාසි කඩකරන්නන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය හැකි බවත් වරදකරු වුවහොත් මාස හයක් දක්වා සිරදඬුවම් දඩයක් නියම කළ හැකි බවත්ය.

481 views

37 Comments to “නිරෝධායනයට විරුද්ද පුස් චණ්ඩින් පැමිණි රටටම හරවා යැවේ.. යුද හමුදාව නිල වශයෙන් දැනුම් දෙයි.. [Video]”

  1. Rishan says:

    උඹලා දන්නවාද පිට රට වැඩ කරන මිනිස්සු තමයි ලංකාවට වාර්ෂිකව වැඩිම ඩොලර් ප්‍රමාණයක් එවන්නෙ කියලා? ඒ ගාන අවුරුද්දකට ඩොලර් බිලියන 8ක්. ඇඟලුම් අපනයනය කරලා ලැබෙන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන 5 යි, සංචාරක කර්මාන්තයෙන් මේ රටට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි. ඇඟලූම් කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට ආණ්ඩුවලින් කොච්චර පහසුකම් දෙනවද?

    මේ රට ඉඳලා ආව මිනිස්සු ඒ සී කාමර, රහ කෑම ඉල්ලන්නෙ නෑ. උන් ඉල්ලන්නෙ එක ගොඩේ දාලා තියන්න එපා කියන එකයි. පොඩ්ඩක් බලපල්ලා ඔය ඇඳන් කොච්චර ලඟන් ල්ඟින් එක ගොඩේද තියෙන්නේ කියලා . එකෙකුට නිකමට හරි ලෙඩේ තීබුනොත් අනිති සේරටම දවස් 2න් හැදෙනවා. නිරෝධායනය කරන්න ඕනෙ හරිම ක්‍රමේ තමයි වෙන් වෙන් කරලා කරන එක. ආණ්ඩුවට ජනවාරි ඉඳලා මේ වෙනකන් ඒ විදිහට හරියට තැනක් ලැස්ති කරන්න බැරි උනා. ඒ ගැන කතා කරපල්ලා.

    • TinTin says:

      බම්බුව. මේ කවුරුවත් රටට කොරන්න ඉතාලි/කොරියා ගියේ නෑ. උන් ගියේ උන්ට කොර ගන්න. දැන් ඕකුන්ව නිරෝධායනය කරන්නෙත් මේ රටෙි අහින්සක මිනිස්සුන්ගෙ බදු මුදලින්. ලංකාවෙ හිටිද්දි රජ සැප ලබපු අයද මේ විදිහට හැසිරෙන්නෙ. අඩු තරමින් රටේ මිනිස්සු නෙවෙයි තමන්ගෙම ගෙදර අය ගැනවත් නොහිතන කාලකන්නි ලංකාවට නෑවිත් එහෙදිම මකබෑවුනානම් වඩා හොඳයි.

    • Boo says:

      ඇඳන් ලඟින් තිබුනට මේ ලෙඩේ බෝවෙන්නේ නෑ කියලා ඔය ගැන හරියට දැනුම තියෙන දොස්තරලා කියනවා. බෝවෙන්නේ අතන මෙතන අතගාලා ඒ අතින්ම මූන අතගානවනම් විතරයි. ඒත් ඒ අත ගෑ තැන්වල කොරෝනා විෂබීජ තිබුනොත් විතරයි. ඒ නිසයි නිතරම අත් පිරිසිදු කරන්න කියන්නේ. මුහුණු ආවරණයෙන් වැඩිපුරම කරන්නේ අපි මූන අතගාන එක වැළැක්වීමයි, එහෙම නැත්තන් ඉතාම කිට්ටුවෙන් සිටින කෙනෙක් කැස්සොත් හෝ කිඹුහුමක් ඇරියොත් පිටවෙන කෙල බින්දු කෙලින්ම නහයට ඇතුළුවීම වැළැක්වීමයි. ඊට අමතරව යමෙකුට කොරෝනා තියෙනවනං එයාගේ කෙල පිටතට විසිවීමත් වලකිනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාව වගේ මෙය වාතය හරහා බෝ වෙන්නේ නෑ. මේ මගේ දැනුම නෙමෙයි, මම පණ්ඩිතයෙක් නොවී දන්නා අයගෙන් දැනගන්නවා. ඔබටත් එහෙම කරන්න පුළුවන්.

      අපේ දුප්පත් රටට පුළුවන් විදිහට තමයි මේ කරන්නේ. ඒ ගොල්ලන්ගේ බිලියන් 8 නිසා රටේ මිනිස්සු බිල්ලට දෙන්න මොන රජයකටවත් බෑ . එහෙමනං ඒ ගොල්ලන්ගේ බිලියන් 8 නැතුව වෙන විදිහක් අපිට හොයාගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට චීනෙන් කිවුවොත් ඩොලර් බිලියන් 8ක් දෙනවා චිනේ ඉන්න ඔක්කොම කොරෝනා රෝගීන් ලංකාවට එවන්න දුන්නොත් කියලා ඔබ එකට එකඟ වෙනවද මුදල් ලැබෙන නිසා?

      සල්ලි ඉස්සරහා වහල්ලු නොවී ඉන්න පුලුවන්නම්, ජීවිතේ ඉතුරු ටික හරිම ලේසියි.

    • ප්‍ර says:

      මේ හැම තැනම දකිනවා රටගිහින් හම්බකරලා රට හදනවා වාගේ කතා මම අහන්නේ ඔය ඉතාලි කොරියන් ගිහින් ලංකාවට සල්ලි එවන්නේ රට දියුනු කරන්න තියන ඕන කමටද කෝටි ගනන් වියදම් කරල ගෙවල් හදලා කෝටි ගානකට වාහන අරගෙන රටට ගෙනෙන විවිමය මෙයාලම ආපසු යවනව‍ා නේද ජීවත් වෙන්නෙත් වෙනත් අයගේ උදව් අනවශ්‍ය විදිහට කියලයි මටනම් තේරෙන්නේ.

    • Lotus says:

      මුන්ට පිස්සුග ඔවුන් බැල මෙහෙවර කරලා හම්බ කරන තුට්ටු දෙකෙන්ද රටක් කරන්නේ? එයාලා ඒ සල්ලි වලින් ආපහු එනකොට ඒ රටවල් වලින්ම සුඛෝපභෝගී බඩු අරගෙනයි එන්නේ.

    • කුවිපැංචා says:

      උඹල එකෙක්වත් (එකෙක්වත් කියන්නේ එකෙක්වත් ) රට ගියේ මේ රටට සල්ලි හොයන්න නෙවෙයි, තමුන්ට වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන්! ඒක එහෙමම ලැබේවා කියල මුලින්ම අපි ප්‍රාර්ථනා කරනවා! උඹල කරන්නේ තමුන් හොඳින් ජීවත්වෙන ගමන් තමුන්ගේ දෙමාපියන්, දරු පවුල් නඩත්තු කරන එක. ඒකත් හොඳයි! අපි කරන්නෙත් ඒකම තමා! උඹල ඉගෙනගත්තේ රටේ මිනිස්සුන්ගේ මුදලින් නේ! (මම කියන්නේ යමක් ඉගෙනගත්තු එවුන් ගැන) … අපිත් එහෙමයි! අපිත් ගොඩක් දුක් විඳලා, කැප කිරීම් කරලා තමයි ඉගෙනකියා ගත්තේ! දෙමව්පියන් පොහොසත් වෙලා නෙවෙයි. අපි මෙහෙ වැඩ කරලා රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවල රට ගෙනියන්න උදවු කරනවා, අපිත් හොඳින් ජීවත් වෙන ගමන්! උඹලත් එහෙම කරපල්ලා … බොරුවට ‘විරු’ label ගහගෙන දඟලන්නේ නැතුව. මෙහෙට වඩා ඔහේ හොඳ නම් ඔහේ ඉඳපල්ලා .. එත් කමක් නැහැ … අපි සතුටු වෙනවා උඹලගේ සතුට ගැන! හැබැයි, මේ වගේ වෙලාවට බයේ දුවගෙන ඇවිත්, බොරුවට පුප්පන්න එන්න එපා! රටේ මාධ්‍ය වලින් උන්ගේ වාසියට උඹලව බොරුවට පිම්බුවට අපිට එහෙම උඹලගේ අමුතු වටිනාකමක් පෙන්නේ නැහැ!

    • Deshika says:

      බම්බුව, මේ ඌරන්ට සිංහල තේරෙන්නේ නෑ.

  2. Bandara says:

    Brave & very good decision

  3. chami says:

    very good move

  4. chandimani says:

    දින 14 ක් නිරෝධායනයට යනවද, නැත්නම් මාස 6ක් හිරගෙදර යනවද, තීරණය ඔබ සතුයි.

  5. Kalana says:

    නියමයි, කාලකන්නින්ට කරනවා හොඳ වැඩියි.

  6. Kalana says:

    ඒ උනාට ඔය වයිරසය පැතිරිලා තියෙන්නේ, අයෙමත් ඇරපුවහම හැදෙන්න පුළුවන්.

  7. Kaluwaa says:

    Ungrateful bastards, should send them back to where they came from.

  8. ගිගිරි says:

    👍👍👍

  9. yuktiya says:

    ඕකුන් ඉතාලියට ගියේ තමන් ගැන හිතල සල්ලි හොයන්න. පඩ දාගෙන හිටියට දැන් කෙල උනාට පස්සේ තමයි අපේ රට මතක් වෙලා තියෙන්නේ. උබල හොයපු සල්ලි තනියම කෑව විදියටම දැන් කොරෝනාත් ඔහේ ඉදන්ම කාපල්ලකෝ. එය මෙහෙට ලෙඩ අරන් එන්නේ තොපි.

Main News