නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..

March 10, 2020 at 12:40 pm | lanka C news
නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..

නිරෝධයක් කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි.

නිරෝධායනය කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට අද පෙරවරුවේ සමාජ ජාලවල තොරතුරු පත‍්‍රිකාවක් හුවමාරු වූ අතර කොරියාවේ සිට පැමිණි පිරිස් විසින් මීට විරෝධයද දක්වන ලදී.

297 views

22 Comments to “නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..”

  1. අපේ රට says:

    මේ සියල්ලන්ටම කරන ආයාච්නයයි,මේ ඔබෙත් මගෙත් රට, සියල්ල තියනව කියන ඔස්ට්‍රේලියාවේ සුපර් මාකට් එකක ටිශුවලට කාන්තාවෝ දෙන්නෙක් ගහගත්තා දැක්කද.අපේ හමුදාව දියතලාවේදි චිනෙන් ආපු අය නිරෝධායනයකල අයුරුත් දකින්න ඇතිනේ.අපි අපේ වගකිම ටිකක් කට්ට කාගෙන හරි ඉටුකරමු. එයින් ගොඩ යන්නේ අපේ රටයි අපියි බව අමතක නොකරන්න. හමුදාපතිත් මුදල් අය කිරිමක් නොකරන බව කියයි නම්, ඇයි මේ වැඩසටහන වියාකුලකරන්නේ. මේ සියලු වියදම් විදේශ රැකියා කාර්යංශයට බැර කල හැක.

Main News