නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි..
November 7, 2020 at 10:00 am | lanka C news
තම නිවසේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු මරණයට පත්වී ඇති බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු එසේ මිය ගොස් ඇති අතර දේහය පරීක්ෂණ සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගොස් තිබේ.
වයස අවුරුදු 68 ක් පමණ පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.
එම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු යැයි හෙළිවීම නිසා නිවාස කිහිපයක පදිංචිකරුවන් නිරෝධායනයට ලක් කර තිබිණි.
මියගොස් ඇත්තේ එසේ නිරෝධායනයට යක්කල නිවසක පුද්ගලයෙකි.
එම ආසාදිත තරුණිය හා සමීප සබඳතා පැවැත් වූ එම නිවසේ පිරිසට සිදුකල කොරෝනා පරීක්ෂණයන්ට අනුව ආසාදිත නොවන බව හෙලිවී තිබේ.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ දේහය පරීක්ෂණ සිදුකර වාර්තාව ලබා ගැනීමට නියමිතය.
හෘදයාබාධයක් වෙන්ටැති නේද සර්
මොන ලබ්බක්ද යකෝ මේ. මීට කලින් මේ රටේ කිසිම එකෙක් මරුනේ නැද්ද? දැන් මේක මහා විහිළුවක් වෙලා. ඉපදිච්ච හැම එකෙක්ම කවදා හරි මැරෙනවා. මොකෙක්වත් හැමදාම ඉන්න අවේ නැහැ. මාද්යයේ හැත්ත බ්‍රේකින් නිවුස් ගගහා පඩේ වෙඩිල්ල කොරන් දඟලනවා. උදේ ඉඳන් හැන්දෑවෙනකල් 24 පැයේම කොරෝනා කොරෝනා කොරෝනා. ඔක්කොටම කලින් මාද්යයේ හැත්තෑ බුරුත්ත ඔක්කොටම කොරෝනා හැදිලා මකබැවූනානං කොරෝනාව තුරන් වෙලාම යයී.
නැහැ, හිටි හැටියේ බලාපොරොත්තු උනේ නැති විදියට සද්දෙට ලොකු පඩයක් ගිහිල්ල තිගැස්සිලා