නිරෝධායනේ සිටි කාන්තාවක් රෝහලෙන් පැන යයි…

August 29, 2020 at 8:02 am | lanka C news
නිරෝධායනේ සිටි කාන්තාවක් රෝහලෙන් පැන යයි…

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් රෝහලින් පැනගොස් තිබේ.

කෑගල්ලේ පදිංචිකාරිනියක් වන ඇය 80 හැවිරිදි කාන්තාවකි.

ඇය අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන වෙමින් සිටියදී ඇති වූ මානසික රෝගී තත්ත්වයක් මත කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

එසේ රෝහලට ඇතුළත් කර සිටි අවස්ථාවේදී ඇය රෝහලින් පැනගොස් ඇතැයි රෝහල් බලධාරීන් සඳහන් කරති.

කෙසේ නමුත් ඇයට සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවයි.

32,838 views

3 Comments to “නිරෝධායනේ සිටි කාන්තාවක් රෝහලෙන් පැන යයි…”

  1. අරුණ කුමාර දිසානායක says:

    වයසයි මානසික රෝගයයි නිසා ඉවසිය යුතුයි. බොහේ රටවල මෙය තදින්ම සලකන නීති විරෝධී ක්‍රියාවක්.මොවුන් සමාජ විරෝධීයි. ආර්ත්මාර්ථකාමීයි.
    අහන්න දෙයක් නෑ ජෙප්පෙක්ගෙ අම්ම කෙනෙක් වෙන්න ඇති.

    • වන්නියා says:

      කොරෝනා තිබුනා නං කාට කාටත් ඉවසන්න ම වෙනවා . අනිච්චං .

    • මත්තේ හුයිල් නෝනා says:

      නෑ බං . බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගියපු මාතර බයියෙක් ගේ අම්මා කෙනෙක්. හවසට ගහපු කාෂිය නැතුව පිස්සු කෙලලා තමයි පැනලා තියෙන්නේ.