නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]

July 30, 2020 at 10:32 pm | lanka C news
නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිමක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ

නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ ඇතිව තිබෙන අපහතාවයන් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇතිව තිබේ.

දියතලාවේ නිරෝධන මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම ඇතිය තිබෙන අතර ඉහල හමුදා නිලධාරියෙක් දැඩිව පැහැදිලි කර සිටියේ හමුදා නිලධාරීන් විසින් දැඩි කැපකිරීමක් සිදු කරමින් කෑම බීම සකස් කරදෙන බවත් ඇඳන් ඇදන් පහසුකම් පවා ලබා දෙන බවත් එනිසා ඊට ගෞරවය දී හැසිරෙන ලෙසත්ය.

එම කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් දැනට රදවා සිටින පිරිසෙන් තවත් අයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙන්නට හැකියාව ඇති බවත් නිලධාරියා පැහැදිලි කර දුන්නේය.

නමුත් එම පිරිස නිලධාරියා පැහැදිලි කිරීම කරද්දීද නොරිස්සුම් සහගතව හැසිරුනි.

විදේශගතව පැමිණි නිරෝධායකයන් දියතලාවේ හමුදාව සමඟ පටලැවිල්ලක්..( මෙම වීඩියෝ පඨය අවසරයකින් තොරව උපුටා පළකිරීමෙන් වලකින්න.)විදේශගතව සිට ලංකාවට පැමිණීමෙන් පසු රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන ගණනාවක විගමණික ශ්‍රමිකයන් අද වන විටත් නිරෝධායන වෙමින් සිටී. ඇතැම් පිරිස් දින දාහතරක් ගෙවා නිවෙස් බලා ගිය ද ඇතැම් පිරිස් දින 30ක කාලයක් පුරාවටම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගනිමින් නිරෝධයනය කරන බවට දුක්ගැනවිලි හත අටක් දිනකට අප වෙත ද ලැබේ. මා ඒ පිළිබද ඉතා හොදින් දනිමි.ආදරණීය සහෘදයනි, තත්වය කොපමණ දුෂ්කර උවත් සෞඛ්‍යය අංශවල හා ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට කරුණාවෙන් සිහිපත් කරමි. ඔබ කෑම බීම ඉදුන් හිටුම් හා සෞඛ්‍යය පහසුකම් ඇතුළු සියලු පහසුකම් රජයෙන් ලබා දෙන ස්ථානයක ආරක්ෂිතවයි ඉන්නේ. කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතිව දස දහස් ගණනක් විදේශවල සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටිනවා. අපි ඔහුන්ගේ ගෞරවය හා බලාපොරොත්තු විනාශ නොකළ යුතුයි.ජඹුරේවල චන්දරතන හිමි official Page admin

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Donnerstag, 30. Juli 2020

1,064 views

24 Comments to “නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]”

  1. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    ෂුවර් එකටම මුන් ජෙප්පෝ සෙට් එකක්. යුධ හමුදාවට ගවුරවයක් දක්වන්නෙ නැත්තෙ ජෙප්පො.
    8 පාස් ආමි කාරයෝ කියල කාගහුවෙත් ජෙප්පො බව කාටත් මතකයි.
    ආරක්ෂක අංශ වලට හිසරදයක් වන ත්‍රස්තවාදියෙක් වගේ හිටියොත් ජෙප්පො “උගත් බුද්ධිමත් දරුවෙක්” කියල කකුල උනත් ලෙවකයි.

    • Kaushalya says:

      Based on what evidence you say like that?

      First educate yourself without showing stupidity.

      Better, shut your mouth without spitting hatred, due to lack of education.

    • saman says:

      Dalada maaligaawa gaawa rusia genu dagena race pedapu un set eke lokkage podi set eke wenna ethi.Okkotoma JVP prasnayak nam.

  2. Kamal Italy says:

    උගත්, යහපත් දරුවෝ අපි දැක්ක චීනෙන් ඇවිත් හමුදා කඳවුරු
    වල ගෞරවාන්විතව හැසිරුන හැටි, මුන් ඔක්කොම පඩ ෂෝ දාන්නේ සක්කිලි රස්සාවල් කරලා පොළොවට අඟල් 4 ක්‌ උඩින් යනවුන්. කළගුණ නොදත් කාලකන්නි

    • Alapaluwa says:

      කරුණාකර තමුන්ගේ සද්දේ වහලා අපු රාජකාරිය කර සිටියොත් තොපෙත් රටෙත් ඔතන ඉන්නා අනෙක් අහිංසක ජනයාගේත් සුබසිද්දීයවන්නේ. ඔතන  බොහොම ගුණගරුකය විදියට හැසිරෙන්න පුරුදුවෙයල්ලා . මොකද මෙතන කවුරුත් තමන්ව බලෙන් ගෙන්වගත්තේ නැහැනේද?පිට ඉන්නකම් අනේ සර් අනේ බුදු සර් අපේ රජා අපිව මෙහේ මැරෙන්න යනවා පින්සිදුවෙයි කොහොම හරි ලංකාවට ගෙන්වගන්න කියා අඬලා,දොඩලා  දැන් එතන ඉන්නා උබලාවෙනුවෙන්  ජීවිතයත් මරණයත් කැපකොට උබලාගේම යහාපත  වෙනුවෙන් සිටිනා ඒ අහිංසක සොල්දාදුවෝ වැරදිද? ඔයි තොපි බත්ද කන්නේ  නැතිව  පුන්නක්කුද?මුන්නම් අනිවාර්යෙන්ම රතු අලිපැටියාගේ උසිගැන්විම්වලට රඟනරැගිල්ලක් කියායි අපි දකින්නේ.ඒකනිසා කරුණාකර කියා තිබෙන සවුක්‍ය නීතිරීති වලට පටහැණිව ඉන්න බැරිනම් වහා ටිකක් කළා මැරියවූ ඔය ඔතන ඉන්නා අහිංසකයින් අමාරුවේ නොදමා.උබළාට මේ සැප මදිනම් මොන මලහිලව්වකටද මෙහාට මකබැ වුණේ? කරුණාකරලා සද්දේ වහලා ඉදපන් ඉස්සරත් හිටියා උබලාවගේ උණ කාරයෝ කට්ටියක්  අන්තිමට උන් ගියේ උණ බස්සගෙන බලු නකුටෝ වගෙයි. ගරුකරපල්ලා වැඳ නමස්කාර කරපල්ලා ඔය උබලට කරණ සේවයට රටේ ජනදිපතිටත් ඔතන ඉන්නා උබලාවේනුවෙන්ම කැපවී සිටිනා සේරම නිලධාරීන්ටත් ගුණමකුවෝ නොවී!!

  3. Sweden's says:

    ඕක තමයි අපි කිව්වේ ඔය කාලකන්නි ගෙන්වා ගන්න එපා කියලා. මුන්ගේ නරි ගතිය මතු වෙන්නේ.

  4. Niro says:

    Cannot hear anybody complaining about facilities. There are arguing about positive cases in this group. Dont think the people who are being coronatine are unreasonable according to the clip.

  5. රටවැසි says:

    ඔය කෑ ගහන නරුමයො එකෙකුට දෙන්නෙකුට කොරෝනා හැදෙන්න දීල , විඳවන්න අරිමු , එතකොට වත් තේරෙයිද බලන්න .

  6. cw says:

    100% agree.

  7. hitan says:

    brilliant talk by army officer
    why should they be brought to SL in the first place

    all the quarantine should be paid , atleast a nominal fee
    nothing should be given free to S Lankans

  8. සමන්ත says:

    දැන් ඔය රට සැප වැඩි වෙලා නේද ලංකාවට එන්න දැගලුවේ. ඒක තමයි අපි කිව්වේ රට ඉන්න පිස්සන්ව ගේන්න එපා කියලා. ඔය කවුරුත් ලංකාවට ආදරේට ගිය අය නෙමේ. තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න ගිය අය. මේ ලියන මමත් එහෙම තමයි. නිවාඩුවට ආවා කොරෝනා නිසා යන්න බැරි වුනා.

  9. අනුර says:

    අනිවාර්යයෙන්ම මේ පිරිස අතරේ වෘත්තීය සමිති තාලයේ ඉල්ලීම් කරන කිහිපදෙනෙක් ඉන්නවා ඇති. මොවුන් බාහිර පිරිසකගේ උසිගැන්වීම මත හැසිරෙනවා පෙනෙනවා. මැතිවරණය අත ලන්ගයිනේ. නැතිනම්, දියතලාව නිරෝධායන කඳවුරේ මිට පෙර හිටපු කවුරුත් මෙහෙම හැසිරුනේ නෑ

  10. නිළමේ says:

    අහක ඉන්න නයි රෙද්දක් අස්සේ දාගත්තාම ඔහොම වෙනවා.

Main News