නිරෝධායන නීති නොතකා පාසැල් බස්වල පොල් පටවයි..

December 19, 2020 at 8:40 am | lanka C news
නිරෝධායන නීති නොතකා පාසැල් බස්වල පොල් පටවයි..

නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් බස් නැවතුම්පොලේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කල ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

හැටන් බස් නැවතුම්පොලේ සිට කෙටි දුර ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් වැඩි මුදලක් අය කර ආසන ගණනට වඩා ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මගින් රැගෙන යන බවට හැටන් දික්ඔය නගර  සභාව වෙත ලද පැමිණිල්ලක් මත හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා (18) දින පස්වරුවේ පාසල් නිම විමෙන් අනතුරුව හැටන් තලවකැලේ මාර්ගයේ ධාවනය වු ලංගම සහ පෞද්ගලික බස් රථ හදිසි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

පරික්ෂාවට ලක් කල බස් රථවල රියදුරු සහ කොන්දොස්තරවරුන් මුඛ ආවරණයද නිසි ලෙස නොපැලද ආසන ගණනට වඩා මගින් සහ පාසල් ළමුන් රැගෙන ආකාරයට නිරික්ෂණය විය.

එම බස් රථවල ගමන් ගත් ඇතැම් පාසල් සිසුවියන් සහ මගින්ද මුඛ ආවරණ නොපැලද සිටින අයුරුද නිරික්ෂණය විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,611 views

2 Comments to “නිරෝධායන නීති නොතකා පාසැල් බස්වල පොල් පටවයි..”

  1. පොඩි මල්ලි says:

    හැටන් නෙවෙයි බලපල්ලා 154 ,138 බස් කොහොමද කියලා…පොලිසිය බුදි..කැළණි පාලම උඩ,දෙමටගොඩ හැමතැනම පොලිසිය ඉන්නවා…උන්ට පේන්නේ නෑ..මේ අහිංසක මිනිස්සු ජීවත්වෙන පැති වල වැරදි පෙන්නන්නව මීඩිය කරයෝ..මුන් ඔක්කොම බස් ගාස්තු වැඩි කරනවා.. ඒත් මිනිස්සු හිටගෙන ගෙනියනවා… ගෝටත් අර බස් ගැමුණුවට බයයි ද කියලා හිතෙනවා…

  2. ක්‍රිමිනල් says:

    බස්වල පොල්පටවන්නේ හැටන් පැත්තේ විතරක් නෙමෙ , මේ රටේ පොදු හා පෞද්ගලික ප්‍රවාහන පද්ධතීන් කොවිඩ්19 බෝකරන ස්ථාන වෙලා , කිසිම වගකීමක් නැහැ , මෙවා නියාමනය කරන්න කවුරුවත් නැහැ , හෙට අනිද්දට පලා බබ්බු ටික පාරට බැහැලා කැම්පේන් කරනකොට බලාගන්න පුලුවන් අලුත් පොකුරු හැමතැනම. කිසිම දෙයක් හරියට කරගන්න බැරි පාණ්ඩුවකින් ජනතා අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ , හොදම දේ අපි අපේ පුද්ගල වගකීම රට වෙනුවෙන් ඉටු කරලා , අපි අපිම ආරක්ශා වෙන එක. මේ පාණ්ඩුව දන්නෙ පම්පොරී ,කෛයිවාරු ගහන එක විතරයි .

Main News