නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවේ.. කෙලින්ම නිරෝධායනයට..

March 16, 2020 at 9:20 am | lanka C news
නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවේ.. කෙලින්ම නිරෝධායනයට..

මෑතකදී දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී ගුවන්තොටුපොළෙන් පැනගොස් සිටී රුණයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ තම නිවෙස්වල සැඟවී සිටියදී ය.

ගුවන්තොටුපලෙන් සහ ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර රජය ඉල්ලා සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ මෙතෙක් නිරෝධායනය නොවූ සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

එසේ නොහැකි නම් ළඟම ඇතත් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

199 views

9 Comments to “නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවේ.. කෙලින්ම නිරෝධායනයට..”

  1. Kadiya says:

    හොරෙන් පැනල ගිහින් අල්ලාගෙන නිරෝධායනයට දමන උන්ට දෙන්න ඕන පහසුකම් නොවෙයි, අපහසුකම් විතරයි. රටම විනාශකරන්න ආපු කාලකන්ණි, මුන්ගේ මේ හැසිරීමත් එක්ක බැලුවම මුන් ගෙවල්වලට මුදල් එවන්න ඇත්තේ නීත්‍යනුකුල නොවන උන්ඩියල් ක්‍රමවලින් වෙන්නම ඕන.

  2. CIA says:

    Italy walin apu ekek anna Minuwangoda Wijaya Bandula Famacy aithikarayage gedara hengila. Name Thushara Hathwike

  3. Asoka says:

    කඩියෝ> නිරෝධානය එකක් සල්ලි එවන එක තව එකක්. මේ දෙක පටලවගන්න එපා. තමුන් හම්බකරන මුදල වැඩි ගණනක් ගෙවන ඕනෑම ක්‍රමයකට ලංකාවට යවන්න පුළුවන්. අනෙක උඹලගේ සල්ලිද? මෙච්චර දුප්පත් රටක්නම් රටේ මිනිසුන්ට කන්න නැතිව රෝහල් වල බෙහෙත් නැතිව තියෙනකොට උඹලගේ දේශපාලකයෝ ලක්ෂ 28000ක සුකොපබෝගී වාහන ගෙන්නයිද ? හැම නීතියම දුප්පත් මිනිහාට පමණයි

  4. Aurora says:

    තමන්ට කොරෝනා වැළදී තිබෙන බව දැනගෙනම ලංකාවට ඉතාලියෙන් මේ රටට ඇවිත් රජයේ සහ ආරක්ෂක හමුදාවන්හි මඟ පෙන්වීමට විරුධව කටයුතුකළ පාදඩයන් නොවේනම් රට මේ තරම් අවදානමක නොවැටෙන්න තිබුණා. මේ ඇතිවෙලා තියන තත්වයෙන් එදිනෙදා ජීවත්වෙන අසරණ ජනතාව මහත් අපහසුවකට පත්වෙලා ඉන්නේ. එවන් තත්වයක් යටතේ වුනත් රජයට පුළුවන්වෙලා තියනවා තත්ත්වය පාලනය කරගන්න. ඔය නිරෝධායන මධ්‍යස්ථාන වල ඉන්න අය 99% ම දින 14 ගෙවුනම ගෙදර යන්න පුළුවන් වේවි. අදවනවිට ලෝකෙන් හමුවෙලා තියන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 150,000 ඉක්මවා තිබෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 11 කට සීමාකරගන්න පුළුවන් වෙලා තියෙන එක රජයේ නිවරදි හා නිසි වෙලාවට ක්‍රියාත්මකවීම නිසාම වුන එකක්.

  5. සෙනරත් says:

    මීගමුවෙන් තමා වැඩේ පැතිරිලා යන්නෙ….ඔන්න බලන්න …..ලංකාවේ දැනට 18යි සතියක් ඇතුලත 200 ක් වෙනෝ

  6. kumara says:

    චීනයෙන් එන අය නිරෝදනයට යවන්නේ නැත්තේ ඇයි

  7. gamarala says:

    හැන්ගෙන අය තමන්ගේ මාරයා තමන්ම කැදවීමක්

Main News