නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..

March 18, 2020 at 3:00 pm | lanka C news
නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..

නිරෝධායනය සිදුකළ යුතු වුවද එය මගහැර සැගවී පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරියේදී ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර කලේය.

260 views

15 Comments to “නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..”

  1. විත්යා says:

    කොළඹ දිස්ත්රික්කය පුරා විශේෂයෙන්ම පුද්ගලික රෝහලට ,ගල්කිස්ස ,රත්මලාන ,දෙහිවල,කළුබෝවිල ප්‍රදේශයට කොරෝනා වියාප්ත කිරීම හිතාමතාම සිදුකලේ ගල්කිස්සෙන් අසුවූ එංගලන්තයේ සිට පැමිණි මැණික් වියාපාරිකයා සහ ඔහුගේ බිරිඳයි .රජයේ දැනුම්දීම් නොතකා පුද්ගලික රෝහලට ගොස් කොරෝනා පරීක්ෂණය මුදල්ගෙවා කරගැනීමෙන් පසු කිසිම ආරක්ෂා වැඩපිළිවෙලක් නැතිව සුපිරිහල් වලට බේකරි වලට ෆාමසි වලට යමින් ඔවුන් මුළු ප්‍රදේශය පුරාම මෙම විෂබිජ්‍ය පතුරුවා හැර ඇත .මොවුන් දෙදෙනා වහාම නිතිය ඉදිරියට පමුණුවා වසර දෙකක නිත්‍යානුකුල දඩුවම ලබාදීම කරන්න .දෙදෙනාම මෙහි වගකිවයුත්තන් බැවින් අනිවාර්යෙන්ම නීති පොතේ ඇති උපරිම දඩුවම දෙනලෙස ආයාචනා කර සිටිමු

    • SdsdE says:

      වැඩක් නෑ ඕකුන්ගේ සල්ලි වලින්නුයි ඉහල contact වලිනුයි අර රවිය පැන්න වගේ අවුලක් නැතිව බේරෙනවා

      • -මිලානෝ බැංකු උකුස්සා- says:

        80% ඔය හැංගිලා ඉන්න හිත්ම දන්නවා ඇති ඔය ගෙනාපු සල්ලි හම්බකරපු හැටි..
        .බැංකු ණය අරන් රටින් පැනලා… මෙහෙ ඇවිල්ලා හැංගිලා ඉන්නේ කියලා..
        අනික “ග…කා” වෘර්ති සල්ලිත් කියලා…

  2. Ruchi says:

    Yako thopita hena gahanawada nirodhayanaya unahama. Ratama wanasana haththa

  3. චූටි දූ says:

    නියමායි. ඕන් හම්බකරපුව ඔක්කොම රජයට ගන්නවලු. ඕකටනෙ දගලුවෙ කශ්ටිය. එකත් මදි. අයෙම ඉතාලි කොරියා යවල හම්බකරවල එවන සල්ලි රජයට ගන්න ඔනෙ පන තියෙනකල්.🤪🤪🤪

    • හැකහැක says:

      අර මහබැංකු හොරත් එක්ක දැම්මා වගේ කස්ටිය මුන් එක්කත් ඩීල් එකක් දාන්න බැරි නෑ.

  4. රටවැසි says:

    මී කූඩුවක් තියල තමයි අල්ලන්න වෙන්නෙ ; නැත්තං , ඇඟ පුරාම වෛරස් උලාගෙන හිටීවි .

  5. Nalin Senanayake says:

    Rajapakse s are great for that to take other people s stuff, for last 29!years same has happened

    • alapalu ranawaka says:

      SENANAYAKAS ARE BETTER THAN RAJAPAKSHAS FOR THAT PURPOSE.

    • Victor says:

      Apparently they are not. If they were they should have taken steps already to confiscate all assets of the central bank gang of thieves (Mr.Clean, Karunka, footnote gang etc) , Rajitha and many others. Billions which were stolen from the common people should be returned to the people. We are watching.

  6. බිල්ල says:

    නියම ප්‍රතිකාරය මේ ජාති ද්‍රෝහී කාලකන්නින්ට. කොරෝනා කියන්නේ ලැජ්ජාවෙන් හැංගෙන්න ඕන ලෙඩක් නොවේ. නමුත් මෙහෙම හැංගෙන්න මුන්ට ඒඩ්ස් වගේ සමාජ රෝගත් තියනවද කියල බැලුවොත් හොඳයි.

  7. කාගෙහරි පුන්චිඅම්මා says:

    කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද සොයාගත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය ඇමති කරමු!

  8. Dharmadaasa says:

    Dethun denek manik busness hinda wenna athi
    Kalla Mare

  9. david milibanda says:

    In Italy a man who hid symptoms jailed for 12 years.

Main News