නිරෝධායන මධ්‍යස්ථානයකට දුන් විද්‍යාපීඨය විනාශයි…

December 27, 2021 at 8:02 am | lanka C news
නිරෝධායන මධ්‍යස්ථානයකට දුන් විද්‍යාපීඨය විනාශයි…

කොරෝනා මර්දන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස හා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පරිහරණය කළ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකාගාර හා එහි ගුරු සිසු සිසුවියන්ගේ ඇදුම් පැළදුම් ඇතුළු බඩු බාහිරාදිය සොරකම් කර ඇතැයි ගුරු සිසුහු පෙන්වා දෙති.

ඔවුන් මේ බව අනාවරණය කළේ විද්‍යාපීඨ පාළනාධිකාරිය මගින් මේ දිනවල තමන්ගේ බඩු බාහිරාදිය පරික්ෂා කර බලා සුදුසු තත්ත්වයේ තිබේ නම් ‍රැගෙන යෑමට අවසර දීම නිසා නේවාසිකාගාරවලට පැමිණි ගුරු සිසුන් පිරිසකි.

කොරෝනා ව්‍යාප්තියත් සමග එය පාළනය කිරීමටත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමටත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා අතරමෑදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිහරණය කෙරුණි.

කොරෝනා මර්දන කාර්ය සාධන කමි‍ටුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය දිවයිනේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස හා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් සියලුම විද්‍යාපීඨ වසා දමා එහි අධ්‍යාපනය ලැබූ ගුරු සිසුන් නිවෙස්වලට පිටත් කර හැරියේ ය.

ඉතාමත් පිරිසිදුව හා ක්‍රමානුකූලව පරිහරණය කළ නේවාසිකාගාරවලට ද විශාල වශයෙන් හානි කර ඇතැයි ගුරු සිසුහු කියති.

කොරෝනා පළමුවන ‍රැල්ල මතු වූ අවස්ථාවේත් දෙවන හා තුන්වන ‍රැල්ල අවස්ථාවේදීත් බන්ධනාගාර පොකුර පෑලියගොඩ පොකුර ඇතුළු කොරෝනා පොකුරු පිටින් පුලතිසිපුර විද්‍යාපීඨයට නිරෝධායනය හා ප්‍රතිකාරය සඳහා ගෙන එනු ලැබීය.

කෙසේ වෙතත් මෙම විනාශයන් පිළිබඳව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාළනාධිකාරියෙන් කළ විමසීමක දී එහි ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වන විට සිදු වූ නේවාසිකාගාර ඇතුළු පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිදුව ඇති හානිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කොරෝනා මර්දන කාර්ය සාධන බලකායටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් යොමු කර ඇති බවයි.

ගුරු සිසුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් මේ විනාශයට වගකිව යුතු බවයි.පෞද්ගලිකව පුහුණු ගුරුවන් හට සිදු වූ අලාභය වහාම ගෙවන ලෙස ද ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසත් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් මෙහි පාළන කටයුතු යුධ හමුදාව හා පොලොන්නරුව මහ රෝහල විසින් සිදු කළහ.

– අයේෂා නානායක්කාර

30,144 views

18 Comments to “නිරෝධායන මධ්‍යස්ථානයකට දුන් විද්‍යාපීඨය විනාශයි…”

  1. Nishadi Munasinghe says:

    ළමයින් ගේ බඩු දාලා වෙන්කරලා තිබ්බ කාමර වල දොර අගුලු කඩලා බඩු හොරකම් කරලා.දුප්පත් ගෑනු ළමයින් ගේ යට ඇදුම් පවා හොරකම් කරන් ගිහින් හොස්ටල් වල හිටපු ජරා මිනිස්සු.අනේ අම්මපා මෙච්චර හරියක් කරනකම් මේ වගේ පාලනය බාරව හිටපු හමුදා නිළදාරින් ඇස් පියන් හිටිය එක තමා පුදුමේ.

  2. ලහිරු සමරකෝන් says:

    වැඩි වැටුප් හා දීමනා,ඩුවල් වාහන පර්මිට්,පිටරට සවාරි වෙනුවෙන් ඉසුරුපාය ඉස්සරහා පාරේ බ්ම ලැගලා පිකට් කරන ආචාරියොන්ට ව්ද්‍යපිඨ ළමයින් ගේ මේ බඩුබාහිරාදිය හොරකම් කරපු එක ගැන වගේ වගක් නැ.මොකද ඒ උදව්‍ යට මේවා ගැන කතා කරා කියලා වාසියක් ඇත්තෙත් නැ අනික එයාල ගෙ ළමයි ව්ද්‍යපිඨ වල ඉගැන ගන්නෙත් නැනේ.🤮

  3. Shantha says:

    The authorities who made the wrong decisions should be held responsible for the lost caused to these training teachers.

  4. Hansani says:

    මිලිටරි මානසිකත්වයෙන් රට පාලනය කරන පාලකයා හට ගමේ පොඩ් මිනිසා ගේ ජීවන තත්ත්වය ගැන අවබෝධයක් නැති හැඩයි,අවබෝධයක් තිබුනනම් අපට මේ වෙද්දි සාධාරණ වන්දියක් ලැබිලා.😭

  5. ශව්න්දි නිමේශා says:

    ඉසුරුපාය ඉස්සරහා ජෝගි නටන කතිකාචාරියොන්ට දුප්පත් ළමයින් වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබා දීමට හඩක් නගන්න කට නොඇරෙන එක ගැන පුදුමයි.

  6. ශාරිකා දිල්රුක්ශි says:

    හාන මිරිහාන ගෝබ්බයා කොව්ඩ් හැදිලවත් ඉවරයක් වෙලා යනවනම් අපට සැනසිමේ සීමාවාසි පුහුණුවට යන්න පුළුවන් වෙයි.

  7. Sithmi Amanda says:

    අමන තකතීරු තීරණ සදහා බලධාරීන්ට උපදෙස් ලබා දුන් මිරිහාන සහා සවනි කපල් එකේ අනියම් සබදතාව ගැන තොරතුරු සාක්ශි සහිතව ෆේස්බුක් දාන්නම් එන්නකෝ.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමේට.

  8. දිලානි රාජපක්ෂ says:

    අසික්කිතම කතිකාචාරි පිම්පියෝ ටිකක් දැන් ඉන්නේ, ඕකුන් පඩිය,වරප්‍රසාද වැඩි වෙනවා නම් ඕනම දෙකයි පනහේ මජර වැඩක් කරයි.ශිෂ්‍ය භාවය රෝල් කරලා ඔය නපුංසකයොන්ට දෙන්න ඕන.පීඨ ළමයින්ට
    හෙන ගැහුවත් උන්ට වගේ වගක් නැ.🤮