නිරෝධායන මධ්‍යස්ථානයෙන් අයෙක් පලා යයි.. දුම්රිපලෙන් අල්ලාගනී.. දුම්රියපල වසා දමයි..

September 13, 2020 at 1:20 pm | lanka C news
නිරෝධායන මධ්‍යස්ථානයෙන් අයෙක් පලා යයි.. දුම්රිපලෙන් අල්ලාගනී.. දුම්රියපල වසා දමයි..

වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පැන ගොස් සිටියදී මන්නාරම් දුම්රිය ස්ථානය අසලදී ඊයේ (12) දින සොයා ගත් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් ඊයේ දින උදෑසන පැන ගොස් සිටි අතර එම පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසලදී ඊයේ සවස වන විටදී සොයාගැනීම හේතුවෙන් කොරෝණා අවධානම නිසා සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවටද මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.

වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් මෙසේ පැන ගොස් තිබුනේ කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා වැඩි දුර පරික්ෂණ කටයුුතු සඳහා කොළඹට රැගෙන ගිය බවටද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,846 views

4 Comments to “නිරෝධායන මධ්‍යස්ථානයෙන් අයෙක් පලා යයි.. දුම්රිපලෙන් අල්ලාගනී.. දුම්රියපල වසා දමයි..”

  1. Nuwan says:

    This dude needs to be punished under the quarantine laws. What an idiot.

  2. MD says:

    හමුදාවට කැලලක් වෙන්න දෙන්න ඵපා විරුවනි.මීට වඩා විමසිලිමත් වන්න වෙනවා.ඵක අතපසුවීමක් ජාතියක්ම නැවත අනතුරේ වැටීමට හේතුවක් විය හැක.නාවික හමුදා සිද්ධීන් මතක් කරගන්න.ඔබලා අපට ශක්තියක්.සැමට ජය!

  3. Saradiel says:

    මත් කුඩු කාරයෙක් වගේ

  4. Felix says:

    Aurudu Dekakata Barapathala Weda Athuwa Moowa Hire Daanna One…. Rajaya Mee Andamata Health and Security Daana Kota Mee Wage Ballanwa Koodu Karanna One