නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ.. එය ජනපතිගේම අදහසක්.. රටම බේරුනේ ජනපතිගේ බුද්ධිය නිසයි..- හමුදාපති

June 29, 2020 at 10:02 pm | lanka C news
නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ.. එය ජනපතිගේම අදහසක්.. රටම බේරුනේ ජනපතිගේ බුද්ධිය නිසයි..- හමුදාපති

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරට නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් මුල්ම යෝජනා ඉදිරිපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

හමුදාවට මින් පෙර නිරෝදායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොතිබූ බවද ඔහු පවසයි.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව හමුදා විසින් එම කාර්යය සාර්ථකව කරගෙන ගිය බවත් ඔහු පැවසීය.

කොරෝනා පාලනය සඳහා හමුදාව සම්බන්ධ කර ගැනීම ගැන මුලින් විවේචන ඉදිරිපත් වුවද අද වන විට ලොව බොහෝ රටවල් අවසාන අවස්ථාවේ හමුදා යොදා ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

යුද හමුදාව මේ සඳහා යොදා නොගත්තේ නම් සෞඛ්‍ය අංශ අසීරුතාවයකට පත් වන බවත් සෞඛ්‍ය අංශ විසින් සති දෙකක් ඇතුළත ප්‍රකාශ කළ බවත් පැවසූ ඔහු අද වන විට බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු හමුනොවී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් එකොළොස් දෙනෙකු පමණක් මියගොස් මේ ප්‍රශ්නය පාලනය කරන්නට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත්තේ මෙම විශිෂ්ඨ සැලසුම නිසා බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනයට හමුදාවද යොදා ගැනීම ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ බුද්ධිමත්කම බවත් වෙන රටවල් එය නොකිරීම ඔවුන්ගේ නොදැනුවත්කම විය හැකි යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

හමුදාව කොවිඩ් සටනට ඕන නෑ කියපු අයට පිළිතුරක් – හමුදාපති

හමුදාව කොවිඩ් සටනට ඕන නෑ කියපු අයට පිළිතුරක් – හමුදාපති

Gepostet von Chatura Alwis am Montag, 29. Juni 2020

857 views

15 Comments to “නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ.. එය ජනපතිගේම අදහසක්.. රටම බේරුනේ ජනපතිගේ බුද්ධිය නිසයි..- හමුදාපති”

  1. sena says:

    මහාමත්ය ඩි ඇස් සේනානායක ගරු සිරිමාවො බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සෙ ශ්‍රි ලංකාවට හිතැති ජනනායකයෙක් පත්වුවානම් ඒ අතිගරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමායි මුලුලොකයම කොරොනා වසංගතයෙන් බැටකන කොට සුදුසු දක්ෂ නිළධාරින් සුදුසු තැන්වලට පත්කොට කොරොනා වසංගතය පාලනයකර රටෙ ජනතාවගෙ අවශියතාත් සපුරා රට බේරාගත්තා පාර්ලිමේන්තුවේ 225 ප්‍රාදේශිය සභාවෙත් නගරසභාවේත් පාලාත්සභාවේත් ඉවත්වි ගරු ජනාධිපතිතුමාටත් මේතුමාගෙ නිළධාරින්ටත් රට කරගෙන යැමට ඉඩදිය යුතුයි

  2. hr says:

    අභ්‍යවකාශ චාරිකා වලට එක්වන ගගාන ගාමීන් අපසු පෘථිවියට පැමිණි පසු දින 21 හෝ යම් කාලයක් නිරෝධායන මධ්‍යස්ථානය වෙනම වෙන් කර තබනවා (Quarentine). මක් නිසාද යත් අභ්‍යවකාශ ගමනකදී ස්පර්ශවිය හැකි විෂ බීජ වේනම් එම විෂ බීජ හරණය කිරීම සඳහාය. එමගින් එම අභ්‍යවකාශ ගාමීන් මගින් පැතිරිය හැකි විෂබීජ අනෙකුත් අයට පැතිරීම වලක්වන්න

    Anti virus මෘදුකාංග (Software) වෙනම Quarentine කලාපයක් නිර්මාණය කරලා තියෙනවා. Virus ඉවත් කරන්න බැරි File එම Quarentine අංශය වෙත යොමු කල හැකිය. එමගින් පරිගණක වෛරසය (Virus) අසාදනය වී ඇති ලිපිගොනු (Files) වලින් අනෙකුත් ලිපිගොනුවලට වෛරසය පැතීරීම (බෝවීම) වළක්වනවා.

    ලංකාවේ මෙයට පෙර පැතිරුණ බෝවන ලෙඩ වලින් පෙළුන අය වෙන්කර තැබීම අලුත් දෙයක් නොවේ.

Main News