නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි.. විදෙස්ගත ලාංකිකයන් ගෙන්වන්න ඉඩ නෑ.. විශාල පිරිසක් එන්න පෝලිමේ..

July 23, 2020 at 5:30 pm | lanka C news
නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි.. විදෙස්ගත ලාංකිකයන් ගෙන්වන්න ඉඩ නෑ.. විශාල පිරිසක් එන්න පෝලිමේ..

මෙරට තුළ පිහිටා ඇති සියලුම නිරෝධායන මධ්‍යස්ථානය මේ වනවිට පිරී ගොස් ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව විදේශගත ලාංකිකයන් ගෙන්වීම තවදුරටත් කල් යන බවත් එය තවත් සතියකින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ආපසු ඒමට බලාපොරොත්තුවෙන් ඉල්ලුම් කර ඇති බවද ඔහු කියා සිටියේය.

නමුත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව විදේශ රට වල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාවේ උපදෙස් මත පියවර ගන්නා බවද ඔහු තවදුරටත් පැවසීය.

682 views
Main News