නිරෝෂන්ට කෝටි 08ක් දුන්නේ මධුෂ්ද.. Trendy සාප්පුව විදෙස්ගත හිමිකරු ඉල්ලයි..

February 15, 2019 at 12:02 am | lanka C news
නිරෝෂන්ට කෝටි 08ක් දුන්නේ මධුෂ්ද.. Trendy සාප්පුව විදෙස්ගත හිමිකරු ඉල්ලයි..

රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත්කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධයක විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අභියෝග කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් විසින් ද මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. ‘නිරෝෂන් ප්‍රේමරත්න පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ වෙනවා. නිරෝෂන් ප්‍රේමරත්නට කෝටි 08 කොහෙන් ද?’ කියලයි සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මගින් මුලින්ම අවලාද ගැහුවේ.

පසුගිය දිනවල මම පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවෙන් පසුව ද වෙනත් බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේ සියලුදෙනා කියපු පළමු බොරුව තමයි, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් පටන් ගත් බව. ඊළඟ බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව කීම. තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වුණාම ‘මේ කෝටි 08 නිරෝෂන්ට දුන්නේ මධූෂ්’ බව කීම.

‘ණය මුදල කෝටි 03යි’

මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා, මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලුම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබා දුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.

‘පාලු ගෙවල්වල වලං බිඳින්න එපා!’

දැන් කවුරුත් පාලු ගෙවල්වල වලං බිඳින්න ඕනේ නැහැ. මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් ප්‍රේමරත්න ගත්තු ණය මුදල කීය ද? ඇපකරය හැටියට තැබුවේ කුමක් ද? මාසයකට ගෙවන ණය මුදල කීය ද? ආදී ප්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්.

කෙසේ වෙතත් 2018 මාර්තු පටන් ගත්තු ව්‍යාපාරය 2018 මැයි මාසය වන විට රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට පාඩු ලබන තත්වයට පත් වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. ඒ මුදල ‘කී මනී’ වලින් අඩුකර ගැනීමට ගොඩනැගිල්ල අයිති අය කටයුතු කළා. සැපයුම්කරුවන්ට නිසි කලට මුදල් ගෙවීමට බැරි වුණා. බැංකු වාරිකය යන්තමට ගෙවා ගත්තා. අද වන විට මේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ. ගොඩනැගිල්ල හිමිකාර වෛද්‍යවරයාගේ නීතිඥ මහතා දැනටමත් දැනුම් දී තිබෙනවා ‘2019 පෙබරවාරි 28 වැනිදා වන විට ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න’ කියා. නමුත් වෛද්‍යවරයා පසුව දුරකථනය මගින් කතාකර පැවසුවා ‘කමක් නැහැ මාර්තු 31 වැනිදා වන තෙක් සිටින්න’ කියා. එවිට මම වෙද්‍යවරයාගෙන් ඉල්ලුවා ‘හැකිනම් මට මේ ගොඩනැගිල්ලේ අප්‍රේල් මාසය තෙක් ඉන්න ඉඩ දෙන්න. අප්‍රේල් උත්සව සමයේ දැනට පවතින භාණ්ඩ තොග විකුණලා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල් ගෙවීමට හෝ ඉඩ ලබා දෙන්න’ කියලා. තවම එයට පිළිතුරු ලැබී නැහැ. 2019 පෙබරවාරි 28 ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට නීතිඥවරයා එවූ ලිපිය මම ඔබ වෙත දැන් ඉදිරිපත් කරනවා. මේක තමයි සත්‍ය සිදුවීම.

මේ ව්‍යාපාරයට ණය ගත්තු ආකාරය ලංකා බැංකුවෙන් දැන ගන්න කාටත් පුළුවන්. මේ පිළිබඳව මීටත් වඩා දැන ගැනීමට කිසිදු දේශපාලනඥයකුට උවමනා නම් ඒ සඳහා ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට එන ලෙස මම අභියෝග කරනවා. මේ අවස්ථාවේ රටේ තිබෙන වැදගත් මාතෘකා, ප්‍රශ්න යට ගහන්න වැදගත් නැති මාතෘකාවක් උඩට අරගෙන මඩ ගැසීමකුයි මෙතැන සිදු වන්නේ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

62,071 Viewers

25 Comments to “නිරෝෂන්ට කෝටි 08ක් දුන්නේ මධුෂ්ද.. Trendy සාප්පුව විදෙස්ගත හිමිකරු ඉල්ලයි..”

  1. බයියෙක් says:

    හෆොයි ජෙප්පො නැටුව නැටිල්ල 🙂

    • Ranjana says:

      Ohoma yamu preme..

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        ජානිපෙ ඔක්කොම ඉන්නෙ පොඩි තැන ඉඳලා ඉහලට ගිහින් කෝටිපතියෝ වුන අහිංසකයෝනෙ.

        • Kamal says:

          අනේ මන් දන්නෙ නෑ රට බේරගන්න කියල ආපු ම්නිස්සු මෙච්චර බිස්නස් පස්සෙ දුවන්නෙ ඇයි කියලා. 😀

          • darshana says:

            ඇයි බං ඕකෙ පුදුම වෙන්ඩත් දෙයක් තියෙනවද?

            අර රාජිතගෙ කොම්පැණිය හමුදාවට ඹෞෂධ සැපයුවෙ.

            රනිල්ටත් අයිතියක් තියෙන ලේක්හවුස් ප්‍රින්ටින් කොම්පැනිය රාජ්‍ය බැංකුවල චෙක්පත් මුද්‍රණ ව්‍යාපාරයක් කරන්නෙ.

            ඒ වෙන මොකුත් ඕනෙ නෑ උඹලගෙ අනුර කුමාරයා කිසිම ව්‍යාපාරයක් නොකර අයර්ලන්තයෙන් මාලිගාවක් වගේ ගෙයක් අරගෙන තියෙන්නෙ.

            දුප්පත් මිනිහෙක් බිස්නස් එකක් පටන් ගත්තොත් තමයි තොපි කුහක හැත්ත ඔක්කොටම කිරිපනුගාය හැදිල දඟලන්නෙ.

    • අහිංසක says:

      ඔයවගේ සරල අහිංසක කතා හැම හොරෙකුටම තියනවා…. අන්තිමට මේ ‘සමාජ ක්‍රමය’ තමයි වැරැද්ද කියන. මදුශ්ලත් මේ සමාජ ක්‍රමය නිසා හැදුන මිනිස්සු නිරෝෂනුත් මේ සමාජ ක්‍රමය නිසා හැදුන මිනිස්සු. මදුශ්ගේ තාත්තගේ මල ගෙදර ගියේ මනුස්සකමට මදුශ්ගේ යන්න ඉන්නේ… හරිම සරල කෝටිපති නිරෝෂන්… පවු අනේ මෙය.. කවුරුත් මොකුත් කියාන එපා….

  2. හැකහැක says:

    දැන් අර යටත් විජිත හේරත් කියන කුහක ජෙප්පට කට උත්තරත් නැතිව යනව.

    • හැකහැක says:

      ඇයි අර නව යටත්විජිත විමල් කියන හැව ඇරපු ජෙප්පා

  3. බන්ඩා says:

    යමක් හරි හම්බ කරගත් බන්දුල වගේ අය දේසපාලනයට ගියහම නොයෙකුත් චෝදනා එනවා දේසපාලන හිතවත් කම් මගින් ජනතාව ගෙ මුදල් හූරා කනව කියල. ඒ වගේම නිරෝෂන් වගේ මිල මුදල් නැතිව දේසපාලනයට ගිහින් බිස්නස් පටන් ගත්තමත් වෝදනා එනවා.

    අපිට කියන්න තියෙන්නේ දේසපාලන කරන අය පුද්ගලිකත්වය යම්තාක් දුරට අතහැරිය යුතු බවත් බිස්නසුය් දේසපාලනයය් එකට නොයන බවත්ය.

  4. PODI RAJA KITULGALA says:

    MUM OKKKOMA HORU

  5. Nuwan says:

    ලංකාවේ සියලු මුද්‍රිත මාධ්‍ය කලු සුද්දන් විසින් පාලනය කරන බවට තව උදාහරණ මොකටද?

  6. දේවක ඔස්ට්‍රෙලියා. says:

    අනේ පෞ අහින්සකයා.

  7. බන්ඩා says:

    ජනතාවට සේවය කොරන්න දේසපාලනයට බැස්ස නම් සමාජ සේවය කොරගෙන ඉන්නව මිසක් නොදන්න බිස්නස් කොරන්න ගිහින් කුනු නමකුත් ගාගන රටට නයත් උනා නේද? දැන් ඉතින් කුම්බලා මාලු කෑව නම් විදොපන් බලලෝ කිව්වලු.

    • කොල්ලා says:

      ව්‍යාපාරයක් පාඩු ලැබූ පමණින් ඔහු බිස්නස් ගැන නොදන්නා බව තීරණය කල ඔබ, දන්නා දෙය කුමක් දැයි ඔබෙන්ම අසා බලන්න.

      • බන්ඩා says:

        මම දේසපාලනය නොකරන වෘර්තිමය නොවන නිර්ක්ෂකයෙක් සහ විචාරකයෙක් පමනක් නිසා මම සහ මගේ පවුලේ අය කොරන අති සාර්තක බිස්නස් ගැන මෙතන කියල වැඩක් නැහැ.

  8. බන්ඩා says:

    ජනතාවට සේවය කොරන්න දේසපාලනයට බැස්ස නම් සමාජ සේවය කොරගෙන ඉන්නව මිසක් නොදන්න ෆැෂන් බිස්නස් ලොකුවට කොරන්න ගිහින් කුනු නමකුත් ගාගන රටට නයත් උනා නේද? දැන් ඉතින් කුම්බලා මාලු කෑව නම් විදොපන් බලලෝ කිව්වලු.

  9. mama says:

    Dan ithin madhush neene kalu salli sudu karanna.. kade wahanna thamai thiyenne .. 😀

  10. Gayantha says:

    ඔයා නාගෙන ඉවරයි ! මහින්ටත් නිකන් නරක නාමේ අවේ මේ වගේ කුඩ්ඩෙක් නිසා.

  11. Koba says:

    සංජීව සොරි සොරි සංජීත්…….. පොඩ්ඩක් ටෙපළුනා……අහුවුනාද දන්නේ නැ (3.07)

  12. නුවන් says:

    මෙයා දැන් හදන්නෙ බිල්ඩිම අයිතිකරු ඉල්ලනව මං දැන් බංකොලොත් කියල ලංකා බැංකු ණයෙනුත් ගොඩයන්න!

  13. desabimanaya says:

    ඇති…… දැන් කවුද කුඩු නීරෝලත් එක්ක වාදකරන්න එන්නේ. කුඩු නාලිකා එක්කද මිනිස්සුන්ට උබල වැනි අදබාලයින්ගේ මුසාවන් දැනගන මොකටද . කෑවනමි විදගනිල්ලා . අනික දැන් උබලා සතරඅපාගතවී ඉවරයි.. සියල්ල තහවුරැවි ඇත . උබලබෙ කානුකටවල් ඇරියොත් කිය්නේ ගද ගහන දේවල් මයි. කොටින් කීවොත් උබලා මෙි මුලු සමාජයට ගද ගහන පිලිළයන්වි වි ඉවරයි. තොපි මකබෑවෙයවි …

  14. pilath says:

    He knows that politics is the most profitable business !!!

  15. mahinda says:

    ෂහ් ! අපූරු ගැල්පීමක්නේ මධූෂ් අහූනාමයි ව්‍යාපාරය බංකො ලොත් වෙන්නෙත් ඔස්ට්‍රේලියාවේ ඉන්න යාළුවා අපහු ගොඩනැගි ල්ල ආපහු ඉල්ලන්නේත්,බැරිවෙලාවත් මධූෂ් අහු නොවුනානම් මේ කිසිදෙයක් නොවී ඉතා සුමටව සියලු දේ සිදුවෙනවා. මුන් හි තාන ඉන්නේ මුන්ට ඡංදය දී පාර්ලිමෙන්තුයවන ඌරු රැල වගේ ම රටේ ඉන්න අනිත් මිනිෂුනුත් මෝඩයි කියලා මංගල මාවතේ මහාමන්ධිරයත් මධුෂ් ගේම වෙන්ට ඇති. බලපුවාම ව්‍යාග්‍රා.කුඩු ගංජා ජ.නි.පේ ප්‍රධාන අධායම් මාර්ගයි.

  16. bandula says:

    මා නිරෝශන් ප්‍රේමරත්න මහතාගේ අභියෝඅගය භාරගන්නා බව විසින් ඔබේ මූනුපොත් පිටුවේ ලියා තිබුනා . එය සනාත කරමින් මාද ඔබේ පොස්ටුවෙ කොමෙන්ට් කලා. උත්තර නැත. මෙන්න එය ආයෙමත් ” අභියෝගය මම බාරගන්ඩ කැමතියි. හැකිනම් මට මාද්යයට පෙනී ඉන්ට තැන සහ දිනය ලෑස්තිකරන්ඩ කියන්න. මම මෙහෙ ඉදලා එනවා. එක කොන්දේසියයි. ඔහු බැන්කුවට ඉදිරිපත් කල ලිපි ගොනුවේ පිටපත් දෙන්ඩ කියා මට අවසර දිය යුතුයි. එවිට කතන්දරේ ඇත්ත නැත්ත මම සනාත කරනවා!(ඔය බැන්කු කතා අපට කියන්ඩ එපා. බැන්කුවෙන් එහෙම එක එකාගේ විස්තර එක එකාට දෙන්නේ නැත)”

  17. siran says:

    ජනතාවාදී පක්ෂයක සාමාජිකයන් ව්‍යාපාරිකයන් වීම වැරදියි…..[කර්මාන්ත කරුවෙක්,නිශ්පාදකයෙක් නොවේ.] ඒ වගේම ටියුශන් කාරයො ,චැනල් කාරයෝ ,වුර්තීය නීතිඥයො, නලුවො දේශපාලනයට සුදුසු නෑ.

Main News