නිලධාරියෙකුට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. NSB වසා දමයි..

October 29, 2020 at 6:18 am | lanka C news
නිලධාරියෙකුට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. NSB වසා දමයි..

කාර්ය මණ්ඩලයෙන්ද නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ යක්කල ශාඛාව ඊයේ පස්වරුවේ වසා දමා ඇත.

ඔහු සමග සමීපව කටයුතු කරන ලද කාර්යමණ්ඩලයේ 28 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

එමෙන්ම ඔවුන් කොරෝනා පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිතව තිබේ.

මෙම අසාදිතයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් ළි කරගත නොහැකි වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

57,200 views

5 Comments to “නිලධාරියෙකුට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. NSB වසා දමයි..”

  1. MD says:

    නිලධාරීන් වුනත් යාලුවන් ඵක්ක මූඩි අරිනවනේ.සමහරවිට වීදුරුව මාරු වුනාද කියලත් හිතෙනවා ඇති නේද?

  2. Saman says:

    මුදල් වලින් විය හැකිය .

  3. ආදරෙයි ලක් මවුනි says:

    මුදල්, වාතය, පෑන්, වැනි දේවල් වලින් වැලඳිය හැකියි

  4. නාරද says:

    ලංකාවේ ඉන්න මිනිසුන් ට මාධ්‍ය මගින් විශාල බලපෑමක් කරනවා. ටිකක් රට හොඳ වෙන කොටම දේශපාලකයින් ඇවිත් පොරටෝක් දෙනවා කොවිඩ් ඉවරමයි වාගේ හැඟී යන්න. එතකොට සාමාන්‍ය නුගත් සහ උගත් ජනතාවගේ මානසිකත්වය වෙනස් වෙලා නටන්න පටන්ගන්නවා. සංචාර යනවා, හෝටල් වල අඩු පැකේජ් වලට යන්න දගලනවා. මානසික යුද්ධයක් අවශ්‍යයි.

  5. සමන්ත says:

    බයවෙන්න දෙයක් නෑ. ඔය කෙනා කොයි පොකුරට අයිති වුනත් අන්තිමට අයිති වෙන්නේ වුහාන් චීනයේ පොකුරට මොකද වසංගත රෝගි අංශයේ ප්‍රධානීන් කියන්නේ තාවම කොරෝනා සමාජ ගත වී නැති බවත් අවසානයේ කොයි හෝ පොකුරකට සම්බන්ධ බවත්ය. ඉතිං හැම පොකුරක්ම අවසානයේ චීනයේ වුහාන් පොකුරට සම්බන්ධ වෙනවා. ඉතිං බය වෙන්න දෙයක් නෑ කොරෝනා කිසිම දවසක සමාජ ගතවෙන්නේ නෑ….. සමාජය කොරෝනා ගතවෙනවා අවසානයේදී

Main News