නිලධාරීන්ගේ කබ ඇදිල්ලක් නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එකතැන..

July 19, 2018 at 8:02 am | lanka C news
නිලධාරීන්ගේ කබ ඇදිල්ලක් නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එකතැන..

සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙරට ස්ථාපිත වුයේ 2003 වර්ෂ තුලදි එවකට පැවති අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා සාධාරණ වෙළද කොමිසම අහෝසි කර එම ආයතනවලින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරිමට වඩා වැඩි කාර්ය භාරයක් ඉටුකිරීම සදහාය.එ සදහා විශාල ධනස්කන්ධයක් මහා භාණ්ඩාගාර විසින් සැම වසරකම අයවැය මගින් එම අධිකාරියට ලබාදෙන අතර එම අධිකාරියේ කාර්ය භාරය නිසි අයුරින් සිදු වනවාද යන්න අප සංගමය වෙත ගැටලුවක් පවතී.

රජයේ මුදල් එම අධිකාරියට ලබාදෙන්නේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරිමටද නැත්නම් දේශපාලන මැති ඇමතිවරුන්ගේ මනදොළ පිනවීමට ද යන්න සොයා බැලිය යුතුව ඇත.

2003 අංක 9දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල යුතු අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩු වී වසර 8කට ආසන්න කාලයක් ගතවී ඇති අතර ස්ථිර පත්වීමක් වන එම තනතුර පිරවීමට මෙතෙක් කටයුතු සිදු කර නැත. එ වෙනුවට තාවකාලික දේශපාලන හිතවතුන් යොදාගෙන දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීමට කටයුතු සිදු කර ඇත.අධිකාරියේ ප්‍රධානම තනතුරක් මෙසේ දිගු කලක් අස්ථාවරව පැවතීම මගින් ආයතනයක් ලෙස අභ්‍යන්තර විෂමතා පැනනැගීම වලක්වා ගත නොහැක ..මේ අතර එම අධිකාරියේ කොදු නාරටිය වන් ප්‍රධාන අංශයන් දෙකක් වන වැටලීම් හා තරගකාරී අංශ දෙකේද ප්‍රධාන තනතුරු වන අධ්‍යක්ෂ දුර හිස්ව පවතින අතර මේ වන විට එම අංශ පාලනය කරනු ලබන්නේද සුදුසුකම් නොමැති පුද්ගලයන් වීම මගින් දෙකෝටියකට ආසන්න පාරිභෝගික ජනතාවට දෙවියන්ගේම පිහිට යයි අප සංගමයේ අදහසයි..

මේ අතර මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කරමින් මැතිවරණ සමයේ අධිකාරියට කඩිමුඩියේ බදවා ගනු ලැබු විමර්ශන නිලධාරීන් මෙතෙක් නිශ්චිත රාජකාරී කටයුත්තක් ලබා නොදී ඇති අතර උපාධිධාරි තරුන ශ්‍රමය සමහර දිස්ත්‍රික්කයන් වල ගස්යට සේවා හෝරාව අවසන් වන තෙක් බලා සිටීම කෙතරම් ඛේදජනක යන්න අප ප්‍රශ්න කර සිටිමු.

එබැවින් අප රජයෙන් ඉල්ලා සිටින්නේ සමස්ත රට වැසියන්ගේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරී වාදයෙන් බේරා ගැනීමට කටයුතු සිදුකරන ලෙසය..

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය

317 views
Main News