නිලධාරීන් කැබිනට් මණ්ඩලයටත් උඩින්.. එහෙම කරන්න බෑ..- රාජිත

July 16, 2018 at 11:20 am | lanka C news
නිලධාරීන් කැබිනට් මණ්ඩලයටත් උඩින්.. එහෙම කරන්න බෑ..- රාජිත

කැබිනට් තීන්දු වලට පරිභාහිරව තමන්ගේ හිතූමනාපයට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයාට කිසිදු හැකියාවක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

2015 වසරේදී සියළුම භෝග සඳහා පනවා තිබූ මෙම තහනම 2017 වසරේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා විසින් තේ සහ රබර් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිව ඉවත් කරන ලදී.

නමුත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් සියළුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත්කර ඇති බවට මාධ්‍ය විසින් වාර්ථා කර ඇත.

කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට මිස අනෙක් භෝග සඳහා වන තහනම ඉවත් කරන්නට නොවන බව අමාත්‍යවරයා පවසා සිටින අතර කිසිම නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිටින් කටයුතු කල නොහැකි බවට අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

– මාධ්‍ය ඒකකය

15 views

7 Comments to “නිලධාරීන් කැබිනට් මණ්ඩලයටත් උඩින්.. එහෙම කරන්න බෑ..- රාජිත”

  1. බන්ඩා says:

    දැන් ග්ලයිප‌ොසටේ කඩනේ මිල දී ගත්තම එවා දමන්න‌ෙ රබරි ත‌ේ වලට පමනක්ද කියල බලන්න දතා ප‌ොලිස් කාරයකේ අපි පස්සනේ එවනවද? අම්මපා ම‌ෙ‌ ඇමති කුට්ටම වග‌ේ හරක් පට්ටියක්. මට ත‌ේ ප‌ොල් රබර් තුනම තියනවා ගම්මිරිසුත් තියනවා.

    • Ane mage kata says:

      “කිසිම නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිටින් කටයුතු කල නොහැකි බවට අමාත්‍යවරයා අවධාරණය කර සිටී.” Ahenam oya karala thiyenne. ” පිටින් ” nevi athulenma karala thiyenne. Me amethi eeye raathiriyema kirithe ekak beela yanna kiyala a niladhariyata gedarata genna gannath ethi.

  2. දීගල පියදස්සී මේධංකර රාමය කරගම්පිටිය says:

    මාගේ මහා අබ තෙල් පූජාව සඳහා ගනු ලබන්නේ සහ ඔබගේ ඇඟේ තවරන්නේ වසෙන් විසෙන් තොර අබ තෙල් බව සියලු ශ්‍රී ලංකා වාසි තරුණ උපාසිකාවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ. අබ තෙල් උලා සම්භාහනය කරගැනීමට ඔබත් අදම ෆේස් බුක් හරහා එකතු වෙන්න, නැතහොත් පැමිණ මා හමුවන්න.

  3. Nuwan says:

    මේ අරාජිකත්වය සියලු ප්‍රශ්න වලට මුල. දූශනය ඉහවහා ගිය තැනක නිලධාරීන් සල්ලි වලට ගන්න එක සුලු වැඩක්.

  4. Niru says:

    31/2 years later still talking about bottle necks. These idiots will run us down to the last cent while robbing the country of its wealth

  5. Ratawasiya says:

    Ballage wade buruwa karanna hadala!

  6. Saradiel says:

    කුබුරු ටිකත් කාලා තේ සහ රබර් ටිකත් මේ කාලකන්නි විනාස ක‍රන්න යන්නේ සොබදර්මය මුන්ට සාප කරාවි

Main News