නිලධාරීන් ජනපති මෛත්‍රීව අන්දලා.. මහින්ද යනවිට විදේශ සංචිතය ඩොලර් බිලියන 8.2යි.. අද බිලියන 5.1යි..
April 20, 2017 at 12:00 pm | lanka C news
අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වුන මාධ්‍ය හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවයි, එය දිනමින වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට ඇත. (Link)
එහෙත් 2017 මාර්තු මාසයේදී ලංකාවේ වසර 7 කට පසු වාර්තා කල අඩුම විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5.1 ක් වාර්තා කොට ඇති බව ලංකා බිස්නස් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ යුගය මගින් සම්මුති ආණ්ඩුව භාර දෙන අවස්ථාවේදි එනම් 2014 දෙසැම්බර් 31 වෙනි දිනට ශ්‍රීලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් බව වර්තමාන ජනාධිපතිවරයාට අමතක වී ඇති බව හෝ අදාළ නිලධාරින් විසින් වැරදි තොරතුරු ලබාදි ඇති බැව් පැහැදිලි වේ. (Link)