නිල්වලා ගග පිටාර ගලයි.. ප‍්‍රදේශ කිහිපයක ගංවතුර.. මාර්ග රැසක් යටවෙයි..

September 22, 2019 at 12:40 pm | lanka C news
නිල්වලා ගග පිටාර ගලයි.. ප‍්‍රදේශ කිහිපයක ගංවතුර.. මාර්ග රැසක් යටවෙයි..

නිල්වලා ගඟ ධාරා ප්‍රදේශයන්ට ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයකින් එම ගඟ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඌරව, පිටබැද්දර, සහ පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ වතුර මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එම ප‍්‍රදේශයන්හි මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.

ඒ හේතුවෙන් පහත් බිම් වල වාසය කරන ජනතාව දැඩි අවධානමෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටිති.

90 views

One Comment to “නිල්වලා ගග පිටාර ගලයි.. ප‍්‍රදේශ කිහිපයක ගංවතුර.. මාර්ග රැසක් යටවෙයි..”

  1. Love nature says:

    බදුර්දීන් කැලා කපා විනාස කල එකේ විපාක

Main News