නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..

October 31, 2021 at 10:40 am | lanka C news
නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

කහඳගම මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

79,849 views

22 Comments to “නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..”

  1. Love nature says:

    කුමටද කා බී නිති සැර සෙන්නේ
    කොතැනද මේ කය අරගෙන යන්නේ
    ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
    එම වද සගමොක් සැප සාදන්නේ

    “කා බී ඇඳ පැළඳ හැඩ වැඩ වන්නේ කුමටද? මේ ශරීරය රැකගෙන කොහි යන්නද සියලු කල්හි කම්මැලි නැතිව පින්කරගන්න සංසාර සාගරයෙන් එතෙර කරන්නේ එම පින්ම නොවෙද?” ලෝ

    ලෝ වැඩ සඟරාව.

  2. Love nature says:

    ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
    සැපයක් යයි කකුළුව දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
    සැපයක් නම් නැත මේ රස කෙළියේ

    “ලිපෙහි ගිනි මොලවන තුරු වතුර හැලිය තුල සැපයක්ය සිතා ජල ක්රීආඩා කරන කකුළුවා මෙන් කිසිම පැකිලීමකින් තොරව ඒ පුවත තරම්වත් නොසිතන්නේද. එමෙන්ම කම්සැප විඳී මෙහි කිසිම රසයක් නැත. ”

    ලෝ වැඩ සඟරාව.

  3. Athula says:

    අපේ රටේ ඉන්නෙ පුදුම වහල් කාලකන්නි මේ හොන්තුවත් සමග එදා තරඟ කලා jvp එකෙන් Dr, රනිල් ජයසේන එතුමා හදවතින්ම ඒ අවස්ථාවට තරඟ කලේ ඔහුට බොහෝ දුක්විඳින මිනිසුන් ගැන මනා අවබෝධයකින් සිටියේ කොළඹ නගර සීමාවේ පැල්පත් වාසීන් වෙනුවෙන් බොහෝ දේ එතුමා කරන්න හිටියෙ. ජනතාව ඔහුව පත්කලා නම් අවාසනාව අපේ මිනිස්සු චන්දයක වටිනා කම නොදන්න නිසා සදා කල් අඳුරේ.. මේ පුයර බබාලා දන්නෙ ජනතාවගෙ රීරි මාංස කන්න විතරයි

  4. ගොන් බන්දු says:

    උපුටා ගැනීම ‘
    2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.
    උපුටා ගැනීම අවසන්’

    චීස් සඳහා මසකට RS. 566 හා
    කෙටි කෑම සඳහා දවසකට RS. 685 වියදම් කර ඇත.

    එය කෙසේ වෙතත් මහජන මුදල් පෞද්ගලික සුක විහරණයට වියදම් නොකර ඉන්නවනම් හොදයි.

  5. ගොන් බන්දු says:

    උපුටා ගැනීම ‘
    2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.
    උපුටා ගැනීම අවසන්’

    චීස් සඳහා මසකට RS. 566 හා
    කෙටි කෑම සඳහා RS.

    • බොරු ජෙප්පා says:

      68,000 දොලහෙන් බෙදුවම 566 ද බං? කොහෙද ඉස්කෝලෙ ගියේ?

  6. M.O.A.Careem says:

    All enjoy perks…a common privilege

  7. Dilum says:

    Dan thamai hithenne prabakaran hitiyanam hondai kiyala.ethakota oya daam wena ewa doom wena ewa nikanma hari yanawa.meunge pukawal dige itthawo duwawanna one ratakata mehema karanawata.

  8. Kali says:

    චීස් වලට දවසකට රුපියල් 186/- යි…ශෝට් ඊට්ස් වලට දවසකට රුපියල් 685/- යි. යකෝ මම දවසකට කනවනෙ ඊට වඩා වියදන් කරලා. මොන ගම් බයියෙක්ද මේකට ගේම ඉල්ලලා තියෙන්නෙ….ශුවර් බඩඉරිගු බයියෙක්….

    • 3%ත් නැති පයියා says:

      සීත අවුරුදු 5ක කාලයකට ගත්ත කුඩේ කීයක් විතරද මචං? එයා ගත්ත ටෝච් එක ලොකු ගානක් වෙනවද?

Main News