නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි..

August 26, 2020 at 10:40 am | lanka C news
නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි..

නව පාර්ලිමේන්තුවට පත් වී සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් 70 දෙනෙකු පමණ පිරිසක් නිල නිවාස ඉල්ලුම් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සතුව මෙතෙක් පවතින්නේ නිල නිවාස 35ක් පමණ ප්‍රමාණයකි.

අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය ඉල්ලුම්කරුවන් ගේ උවමනාව දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තත්වය බරපතල තත්ත්වයක් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

පැවැති පාර්ලිමේන්තුවේ සිට පරාජයට පත් සියලුම දෙනා මේ වන විට නිල නිවාස භාරදී ඇතැයිද ඔහු පැවසීය.

22,961 views

11 Comments to “නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි..”

  1. saman says:

    Mona bererumda. Chinen naya gaththa. dunna nila niwaasa. ha haa

    • 2015 මීහරකා says:

      යම පාලනේ ජජාදිපටිගෙ මාලිගාවෙ කාමර ගොඩායි. ඒව දුන්නොත් නලකද!

      • COBRA says:

        සජිත් හදපු ගෙවල් දෙන්න ..ප්‍රශ්නය ඉවරයි …

  2. රටවැසි says:

    පව් අප්පා , ඉන්න හිටින්න ( හිටවන්න ) තැනක් නැති අසරණයො . ඉක්මනට යාලත්තක් වත් බාල දොන්ඩෝ ඕ ඕ ඕ ඕ . වැහි කාලෙත් ළඟයි .

    • john the baptice says:

      සිරිසේන මහජන බදු මුදලින් හදපු ජනපති මැදුරේ ඕන තරම් ඉඩ තියනවා ..එහි ඉතුරු මන්ත්‍රීවරු 40 ට ලබා දෙන්න

  3. ලොක්කා says:

    ඒක වෙන්න බැහැනේ.. අපේ ලොක්කා පොරොන්දු උනේ ඇමතිවරු 15 ක් පත්කරන්නනේ… අපිටද වැරදුනේ..

    • 👿👿😨 says:

      පැල්පතේ ඉඳලාම දුක් කරදරම ගෙවූ නිසා
      හිතලා දුන්නෙ කතිරය ජයගන්න හිතූ නිසා
      අමතක වෙලා අපෙ පැල්පත් දුක කියූ නිසා
      ඒ අයගෙ සැප පමනම බලයි අපි නාඩූ නිසා

  4. SL says:

    මුන්ට කටුමැටි ගෙයක් වත් නැති ද?වාහනෙ ඩියුටි ෆ්‍රි,ටැලිපොන් ප්‍රි.අරව ප්‍රි ,මේව ප්‍රි ..ගෙවලුත් ප්‍රි…හෙන??

  5. sunimal says:

    මහල් නිවාසක් හදා මෙය විසදාගත හැකිය තනි නිවාසවලට විසාල මුදලක් වැයවන බැවින්

  6. Xo says:

    දෙන්නෙකුට එක ගානෙ දෙන්න

  7. දේශප්‍රේමියා says:

    හරි සිම්පල් නේ….
    ඉතිං ඇමතිවරු අඩු කලානම් ප්‍රශ්නේ ඉබේම විසදෙනවා !
    නැත්නම් මහජන සේවයට එන අයට දෙන ඔය වගේ දීමනා අහෝසි කරන්න. ඔච්චර පාර්ලිමේන්තු එන්න පොර කන එකක් නෑ.

Main News