නිවටුන්, වහලූන් වෙන්න බෑ.. නායකයන්ට පස් පඩංගුවේ බැණ වදිමින් එජාප මන්ත‍්‍රී මැයි රැළිය වර්ජනය කරයි..

April 25, 2017 at 3:00 pm | lanka C news
නිවටුන්, වහලූන් වෙන්න බෑ.. නායකයන්ට පස් පඩංගුවේ බැණ වදිමින් එජාප මන්ත‍්‍රී මැයි රැළිය වර්ජනය කරයි..

එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පල කරමින් තමන් මෙවර එජාප මැයි රැළියට සහභාගී නොවන බව එක්සත් ජාතික පක්‍ෂ බස්නාහිර පළාත් සබා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

මේ බව සදහන් කරමින් මන්ත‍්‍රීවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! !
කොටන් ඇදි අලින්ට තැනක් නැති මැයි පෙරහැරේ මා යන්නේ කෙසේද???

විසිවසරකට අධික කාලයක් දර දිය ඇදි එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුවී ඇති අසාධාරනයට විරැද්දතාවක් ලෙස, මෙවර මැයි දින රැලිය වර්ජනය කරන අප පාක්ෂිකයින් හා එක්වීමට මම තීරණය කලෙමි.

පුරා දෙවසරක් තුල මා පාක්ෂිකයා වෙනුවෙන් පක්ෂයෙන් කල ඉල්ලීම් සියල්ල අදටත් ඉටු වී නැත. කවදත් බැට කෑ අප පාක්ෂිකයන්ට අදටත් හවුහරනක් නැත. අද අපට සිදු වී ඇත්තෙ නිදහස් පාක්ෂිකයන් රජයේ රැකියා හා අනෙක් වරප්‍රසාද බුක්ති විදිද්දී, පුද්ගලික අංශයේ රැකියා නිර්මානය කරණ තුරැ අප පාක්ෂිකයන්ට තවත් ඉවාසා සිටින ලෙස පවසමින් ඔවුන් රැවටීමටය. නයකයින් සියලු වරප්‍රසාද විදිද්දී පාක්ෂිකයාට ඉවසීමට හා පටි තද කර ගැනීමට කීමටය.

ගමේ දරදිය ඇදි පාක්ෂිකයන්ට උදවුවක් කෙසේ වෙතත් හමුවීමට හෝ හැක්කේ ඇමතිවරැන් අතලොස්සකි. එවන් ජනතාවාදී ඇමතිවරැන්ට ඇත්තේ නාමික ඇමතිකම් හෝ කිනම් හෝ දේශපාලන අනාතයෙකු යටතේ ඇමතිකමකි.

අද පක්ෂයට, තම පාක්ෂිකයාට ලබා දුන් පොරොන්දු සියල්ල පමණක් නොව පාක්ෂිකයාවද අමතක වෙලාය. අදද දුප්පත් පාක්ෂිකයා මතක්වන්නේ රැලියකට හෝ රජය අපහසුතවයකට පත්වී ඇති විටක ඔලු පෙන්වීමටය. ඉන් පසුව නැවතත් ඔවුන් ගැන කිසිම තැකීමක් නැත.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිමානය පවා නැතිකර පාක්ෂිකයන් අද ගම්වල නිහඩවන තැනට පත් කරලාය.

තවදුරටත් අප පාක්ෂිකයන්ට මෙලෙස සැලකීමට ඉඩදී නිහඩව සිටීම නිවට කමක් වනවා පමනක් නොව, එය මා පාක්ෂිකයා වෙනුවෙන් පෙනී සිටිමට දුන් පොරොන්දුව කඩ වීමක් වනවාය.

මංත්‍රිකම්, ඇමතිකම්, සංවිධායකකං, පක්ෂයේ අනෙක් තනතුරැ හා නාම යෝජනා වෙනුවෙන් පාක්ෂිකයා නොමග යවමින් නායකයන් සතුටු කිරිමට පාක්ෂිකයින් භාවිතා කිරීම සුදුසු යැයි මා සිතන්නේ නැත. මැයි දිනයට සහභාගී වී පාක්ෂිකයා පෙලෙද්දී නයකයින් පිනවීමේ රංගනයේ යෙදීම මා හට තවදුරටත් කල නොහැක.

මාගේ පක්ෂ සාමාජිකත්වය, මන්ත්‍රිධුරය, හෝ අවසානයේ නාමයෝජනා අහොසි කලත් තවදුරටත් මෙම ආසාධාරනයට නිහඩව සිටීමටවත් පාක්ෂිකයාට බොරැකීමටවත් මා හට නොහැක. බලපැමක් නොකලහොත් පාක්ෂිකයාට සධාරනයක් වනු ඇතැයි මා තවදුරටත් විශ්වාස නෙකරමි.

විපක්ෂයේ උවද තම අභිමානය රැක ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වහල්ලන් සේ සැලකීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

අප පක්ෂයට ලැදි ඔබ සියලු දෙනා, පක්ෂය හරි මාර්ගයට ගැනීමට අසරණ පාක්ෂිකයින් ගන්නා මෙම අහිංසක උත්සහයට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.

අනුරාධ විමලරත්න.
කොළඹ දිස්ත්‍රික් මංත්‍රි (එ.ජා.ප)
බස්නාහිර පළාත් සභාව.

8 views

One Comment to “නිවටුන්, වහලූන් වෙන්න බෑ.. නායකයන්ට පස් පඩංගුවේ බැණ වදිමින් එජාප මන්ත‍්‍රී මැයි රැළිය වර්ජනය කරයි..”

  1. nomatata says:

    “එවන් ජනතාවාදී ඇමතිවරැන්”….my foot ! This must be another “kapuwath Kola” donkey.

Main News