නිවසකට දිනකට පොල් ගෙඩි බාගයක් ඇති..- රජය කියයි..

November 6, 2021 at 3:50 pm | lanka C news
නිවසකට දිනකට පොල් ගෙඩි බාගයක් ඇති..- රජය කියයි..

නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙරට ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් සියයට තිහක ප්‍රමාණයක් අපතේ යන බව ද ඔහු කියා සිටියි.

මෙරට වාර්ෂික පොල් අස්වැන්න සියයට 70 යොදාගන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා යැයි ද ඒ මහතා පවසයි.

පොල් අතින් මිරිකීම හේතුවෙන් පොල්කිරි 20-30% අතර ප්‍රතිශතයක් ලබා ගත හැකි වුවත් වංගෙඩියේ කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් 50%ක පොල්කිරි ප්‍රතිශතයක් ලබා ගත හැකි ද ඔහු පැවසීය.

56,554 views

25 Comments to “නිවසකට දිනකට පොල් ගෙඩි බාගයක් ඇති..- රජය කියයි..”

  1. Felix says:

    Man Hithanne Muge Doctorate (PhD) Eke Tpoic Eka Meeka Wenna Athi…. Mun Wage Jara Yakku Tikak … Balaye Innai…. Anunge Mudalen Yapennai…

  2. S.Vitharana says:

    මෙයා හිතාගෙන ඉන්නේ අපි පොල් වලින් කිරි වාතරයි කන්නේ කියල.
    ඇදුරුතුමා පොල් සම්ඛෝලේ, පොල් මැල්ලුම් කන බව දන්නේ නැද්ද?
    එතකොට කටුවත් එක්කම ද හලෝ කන්න ඕන ?

  3. Shakila says:

    සභාපති ගේ කතාව ඇත්ත. අපේ ගෙදර සාමාජිකයන් 04 ක් ඉන්නවා අපි තුන්වේලම කෑවත් පොල්බෑය ඉතුරුයි.

    ස්තුතියි
    මෙයට
    මී හාමිනේ

  4. G.M.Bandusena says:

    ගණනය කරපු වගූව මොකක්ද හිතාගන්න පුලුවනි ආචාරිය පට්ටමක් තියෙනවනෙ. ගෙදර වංගෙඩි මෝල් ගස් ඇතිනේද?

  5. Tashmika says:

    ඔය කියන විදියට පොල් බෑය කොමඩු පලුවක් වගේ වෙන්න ඔන ….🤣 70% පරිභොජනයට අරගෙන ඉතුරු 30% මුනේ කොන්ඩේ ගානවද පොල් මෙච්චර වටිනවා කියලා දැන දැන එවා ආහාරයට ගන්නේ නැතුව වෙන මොනවද ඒ වෙනුවට ආහාරයට ගන්න කියන්නේ

Main News