නිවසකට පැන මුදල් සොරකම් කල සැකකරු CCTV දර්ශණවලින් මාට්ටුයි..

September 26, 2018 at 8:02 am | lanka C news
නිවසකට පැන මුදල් සොරකම් කල සැකකරු CCTV දර්ශණවලින් මාට්ටුයි..

හැටන් කොටගල පැරකුම්පුර ජනපදයේ නිවසක්තුලට ඇතුල් වි මුදල් සොරකම් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සදහා දිඹුල පොලිසිය සිසිටිවි දර්ශන ඔස්සේ  පුළුල් පරික්ෂනයක් ආරම්භ කර ඇත.

මෙම සැකකරු පැරකුම්පුර ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අවස්ථා කිහිපයකදි එහා මෙහා ගමන් කරමින් විපරම් කර  එම නිවස දෙසට ගොස් නිවසේ පිටුපස ජනේලයක් කඩා නිවස තුලට ඇතුල් වි තිබේ.

24 පෙරවරු  11ට පමණ  මෙම සැකකරු නිවසට ඇතුල් වි ඇත්තේ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක බවයි දිඹුල පොලිසිය කියා සිටින්නේ.

එම නිවසේ පදිංචිකරුවන් ලොරි රථවලින් වෙනත් ප්‍රදේශවලට ගෘහ භාණ්ඩ  රැගෙන ගොස් අලෙවි කිරිමේ ව්‍යාපාර කටයුත්තක නියැලි සිටින අය බවත්, ඒ පිලිබදව හොදින් දන්නා අයෙකු මෙම මුදල් සොරකම සිදු කරන්නට ඇති බවයි දිඹුල පොලිසිය සැකකරන්නේ.

අල්මාරිය තුල වු 34000 ක පමන මුදලක් සොරාගෙන ඇති බවට එම ව්‍යාපාරිකයා විසින් දිඹුල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

එම සැකකරු නිවස අසල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන අයුරු පැරකුම්පුර ජනපදයේ පිහිටි සත්ත්ව ගොවිපෙලක සවි කරඇති සිසිටිවි කැමරාවල සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

14 views
Main News