නිවසකට හොරු පැන පියා හා දියණිය කපාදමා රත්තරන් කොල්ල කා පලා යයි..
October 26, 2018 at 8:03 am | lanka C news
යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නවසක් කොල්ල කෑමට පැමිණි පිරිකගේ තියුණු ආයුධ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා අද (25) අළුයම යාපනය රෝහලට ඇතුලත් කොට ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය කියා සිටියේය.
සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අළුයම් කාලයේදී මුහුණ වසාගත් තිදෙනෙකු නිවසේ වහලයෙන් ඇතුල් වී නිවසේ සිටි පියාට සහ දියණියට තියුණු ආයුධ වලින් පහර දී නිවසේ තිබූ මුදල් හා රත්තරන් රැගෙන පලා ගොස් ඇත.
කොල්ලකන ලද රත්තරන් හා මුදල්හි වටිනාකම මෙතෙක් ගණනය කොට නොමැති අතර පහරදීම් හේතුවෙන් තුවාල ලැබූවන් අසල්වාසීන් විසින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
මෙසේ රෝහලගත කොට ඇත්තේ සෙට්ටියාමඩ්හි පදිංචි ධර්මලිංගම් මහේන්ද්‍රන් හා මහෙන්ද්‍රන් ඥානසෝදී නැමති අය වන අතර අදාල පහරදීම් සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යහපාලනය නිසා ඉඩම් ලැබුණනෙ..ඒ මදෑ…
Hope some tamilnadu film sence.
Mekath Yahapalana wadak.
Ranil Maithree gedara palayaw.
සිරිසේනට චන්දය දුන් අයගේ වීර කම් ලැජ්ජයි
හමුදාව උතුරින් ඉවත් කිරීමේ පලවිපාක