නිවසක්තුල නිධන් හෑරු තිදෙනෙකු අත්අඩංගුවට…

December 3, 2019 at 8:02 am | lanka C news
නිවසක්තුල නිධන් හෑරු තිදෙනෙකු අත්අඩංගුවට…

වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ  නිවසක්තුල නිධන් හාරමින් සිටි එකම පවුලේ තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල නිවස තුල කිසියම් පිරිසක් විසින් පොළව හාරමින් සිටින බවට වව්නියාව පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් නිවස තුල අඩි පහක් පමණ ගැඹුරට වලක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16,19, හා 21 වයසැති  එකම පවුලේ සහෝදරයින් වූ අතර ඔවුන් නිධානය  හෑරීම සදහා රැගෙන එන ලද  උපකරණ කීපයක් හා පූජා භාණ්ඩද වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වව්නියාව අධිකාරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

8,572 Viewers

3 Comments to “නිවසක්තුල නිධන් හෑරු තිදෙනෙකු අත්අඩංගුවට…”

  1. anarkali says:

    Age 52 tharuna kenek othana hitiye nedda ?????

  2. Fedrick Krishan senarath says:

    දැන් නිධානය තියෙන්නේ අපේ වත්තේ නම් නිතියෙන් අයිති ලියාපදිංචිත් තියෙනවා නම් අපේ නම් ඔප්පුවේ විදිහට සිල්ලේ අයිතිය හිමිකාරත්වය අපිට නම් නිධානය කොහොමද වෙන කාටවත් රජයටවත් අයිති වෙන්නේ ගංජා පැලයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ වත්තේ තිබුනොත් අපේ එකටත් අපිව පොලිසිය උස්සන් යනවා නිධාන් හැරුවා කියලා එත් උස්සන් යනවා එක අපේ වත්තේ තියෙන එක හැරුවට පුදුම නිතියක්නේ වෙන වත්තක හෝ පන්සලක රජයේ ඉඩමක නම් තව කමක් නැහැ එහෙමත් නැහැ

    • Leon Ma says:

      Everything underneath and above the land belong to the Crown. It is the law. To do an excavation even in a Title land you must obtain an excavation permit from the relavant Divisional Secretary.

Leave a Comment

Main News