නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරු ප්‍රදේශවාසීන් අල්ලා ගැටගසයි..

February 25, 2020 at 5:30 pm | lanka C news
නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරු ප්‍රදේශවාසීන් අල්ලා ගැටගසයි..

කිලිනොච්චිය උරතීපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී නිවසේ මුදල් හා රන් කොල්ලකෑමට සැරසුනු අයෙකු ඊයේ (24) දින ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.

අදාල කොල්ලකරු විසින් ඊයේ දින දහවල් කාලයේදීම උරතීපුරම් ප්‍රදේශයේ වසා තිබූ නිවසකට ඇතුල් වී ඇති අතර කොල්ලකරු නිවසට ඇතුල්වන අයුරු අසල්වැසියෙකු දැක ඒ බව ප්‍රදේශයේ තවත් පිරිසකට දැනුම් දී කොල්ලකරු ඇතුල් වූ නිවස වටලා ඇත.

අනතුරුව කොල්ලකරු නිවසින් පලායාමට උත්සහ ගෙන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් විසින් කොල්ලකරු අල්ලා රැගෙන ගොස් පොලීසියට භාර දී ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරික්ෂණක කටයුතු සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,849 Viewers

One Comment to “නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරු ප්‍රදේශවාසීන් අල්ලා ගැටගසයි..”

  1. MD says:

    Fonseka Rajitha champika Anura sajith Gonja samahara wita heta anidda kiyai oya man Rajapakshalage kenek kiyala.

Main News