නිවසක් ගිනිගනී.. 05ක් මිය යයි…

October 8, 2021 at 7:51 am | lanka C news
නිවසක් ගිනිගනී.. 05ක් මිය යයි…

තාවකාලිකව ඉදි කර තිබු නිවසක් ගිනි ගැනිමෙන් එකම පවුලේ පස් දෙනෙකු (07) දින රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වි ඇති බව රාගල පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ රාගල පොලිස් වසමට අයත් රාගල වත්ත මැද කොටසේ පදිංචි අවු 1 ,12 පසුවන දරුවන් දෙදෙනෙක් , එම දරුවන්ගේ මව , දරුවන්ගේ සියා සහ මිත්තණියයි.

(07) දින රාත්‍රි 10.30 ට පමණ ගිනි ගැනිම සිදු වි ඇති බවත්, එම අවස්තාවේ නිවස තුල සිටි පස් දෙනාම ගින්නෙන් පිලිස්සි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මිය ගිය අවු 01 හැවිරිදි දැරියගේ උපන්දින සාදයක් (07) දින රාත්‍රියේ පවත්වා ඇති අතර,ගින්නෙන් එම පවුලේ අවු 26 පමණ වයසැති තරුණයෙකු බිමත්ව නිවසින් පිටත සිටි නිසා ඔහුට අනතුරක් සිදු වි නොමැත.

ගින්නෙන් ජිවිතක්ෂයට පත් අයගේ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වන තෙක් එම ස්ථානයේම තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

හැටන් රංජිත් රාජපක්ෂ

13,523 views

One Comment to “නිවසක් ගිනිගනී.. 05ක් මිය යයි…”

  1. aniwa says:

    this is very suspicious, poor people, really sad indeed.

Main News