නිවසක් ගිනිගෙන හත්දරු මවක් සහ දියණියක් මරුට.. ඝාතනයක්ද සියදිවි නසාගැනීමක්ද පරීක්ෂණ…
January 22, 2022 at 12:00 pm | lanka C news
කිලිනොච්චිය ධරම්පුරම් පොලිස් වසමේ කුඩිඉරිප්පු ප්රදේශයේ ඊයේ (21) සවස නිවසක ඇති වූ ගිනිගැනීමකින් එහි සිටි මවක් සහ දියණියක් පිලිස්සී මිය ගොස් සිටියදී මළ සිරුරු හමුවී ඇති බවට පොලීසිය පැවසීය.
කුඩිඉරිප්පු ප්රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් කඩිනමින් එම ප්රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී ගිනිගෙන විනාශ වූ නිවස තුල කාන්තාවකගේ සහ කුඩා දියණියකගේ මළ ිසරුරක් තිබී සොයාගනු ලැබීය.
ගිනිගැනීම සිදුවන අවස්ථාවේදී නිවසේ වෙනත් කිසිවෙක් සිට නොමැති අතර මිය ගිය කාන්තාවගේ සැමියා වෙනත් ප්රදේශයක කුලීවැඩට ගොස් ඇති බවටද අනාවරනය වෙයි.
මෙලෙස පිලිස්සීමෙන් මිය ගොස් ඇත්තේ හත්දරු මවක් වූ 47 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ 17 හැවිරිදි ලක්ෂිකා නැමති දියණිය බවටද හඳුනාගෙන ඇත.
නිවසේ පිලිස්සී තිබියදී සොයාගත් මළ සිරුරු දෙක පස්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර අදාල මරණයන් ගිනිතබාගෙන සියිදිවි හානිකරගත්තේද නැතිනම් ඝාතනයකොට ගිනිතබා ඇත්තේද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද ධර්මපුරම් පොලීසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඝාතනය කර ගිනි තැබීමක් විය හැකියි.
නිවන් සැප ලැබේවා.